ගැසට්ටුව ඉවත් කිරීමෙන් - මෝල් හිමියන් අර්බුදයක (Video)
Tuesday, 28 September 2021 - 14:26 | Views - 341
සහල් සඳහා පනවා තිබූ පාලන මිල ඇතුළත් ගැසට් නිවේදනය අවලංගු කිරීමත් සමඟ ගොවීන් සහ අතරමැදි රැස් කරන්නන් මෝල් හිමියන් වෙත වී ලබාදීම ප්‍රතික්ෂේප කරන බව සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති ඩී.කේ. රංජිත් ප්‍රකාශ කළේ ,මේ හේතුවෙන් ඉදිරියේ දී සහල් මිල ඉහළ යා හැකි බවයි.
කෙසේ වෙතත් වෙළඳපොලේ සහල් මිල ඉහළ යෑම වැළැක්වීම සඳහා සහල් මෙටි්‍රක් ටොන් ලක්ෂයක් වහාම ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
කෙසේ වෙතත් සහල් සඳහා පනවා තිබූ පාලන මිල ඇතුළත් ගැසට් නිවේදනය අවලංගු කළ බවට ප්‍රකාශ කළ ද ඊට අදාළ ගැසට් පත්‍රය මේ වනතෙක් රජයේ මුද්‍රණාලයට ලැබී නො මැති බවයි මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ ප්‍රකාශ කළේ.
මේ අතර, වරායේ සිර වී ඇති භාණ්ඩ ඇතුළත් බහාලුම් මුදා ගැනීම සඳහා ආනයනකරුවන් වෙත ඩොලර් මිලියන 50ක මුදලක් වෙන් කිරීමට රජය තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා.
අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට අද එක්වෙමිනු යි ඔහු මේ බව කියා සිටියේ.
Share This Article