චිත්‍රසේන මෝටර්ස් වෙතින් ඇමතිවරයෙක් ගැන නිවේදනයක් (Video)
Tuesday, 28 September 2021 - 13:09 | Views - 1,939

රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන, චිත්‍රසේන මෝටර්ස් ආයතනයෙන් 'රේන්ජ් රෝවර්' වර්ගයේ මෝටර් රථයක් මිල දී ගැනීමක් සම්බන්ධ පුවතක් මේ දිනවල පැතිර යනවා.ඒ සම්බන්ධ ව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය සඳහන් කර සිටින්නේ, අමාත්‍ය චන්න ජයසුමන හෝ ඔහුගේ බිරිඳ කිසිඳු විටක තම ආයතනයෙන් වාහනයක් මිල දී ගෙන නො මැති බවයි.අමාත්‍යවරයා හෝ ඔහුගේ බිරිඳ කෙදිනක හෝ තම ආයතනයට පැමිණී බවක් ගැන නො දන්නා බව මෝටර් ආයතනය නිවේදනය කරනවා.එසේ ම අමාත්‍යවරයා හෝ ඔහුගේ බිරිඳ තම ආයතනයට පැමිණි දිනයක සී.සී.ටී.වී සටහන් පවතින බවට සිදු කරන ප්‍රකාශය ද අසත්‍යයක් බව යි ඔවුන් දන්වන්නේ.තම ආයතනයේ නම අවභාවිත කරමින් වෙබ් අඩවිවල පුවතක් පලවීම හා එම පුවත අලලා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ඇති බව ද ඔවුන් නිරීක්ෂණය කර තිබෙනවා.එම මාධ්‍ය සාකච්ඡාවල පැවසූ පරිදි සිය ආයතනයේ කිසිඳු ශාඛාවක් තලවතුගොඩ ප්‍රදේශයේ නො මැති බව සඳහන් කරන චිත්‍රසේන මෝටර්ස් ආයතනය, වාහන අලෙවි ක්ෂේත්රයේ කීර්තියක් දිනාගනිමින් ඉතා සාර්ථක ව ව්‍යාපාර කටයුතුවල නියැලෙන තම ආයතනයේ නාමය පටු දේශපාලන භාවිතාවන්ට යොදාගැනීම පිළිබඳ ව කනගාටුව පළ කරනවා.ඉකුත් දිනයක දී හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මෙම කාරණය සම්බන්ධ ව අදහස් කිහිපයක් ම පළ කළේ, චන්න ජයසුමන අමාත්‍යවරයා චිත්‍රසේන මෝටර්ස් ආයතනයෙන් 'රේන්ජ් රෝවර්' වර්ගයේ වාහනයක් මිල දී ගත් බව සඳහන් ලියකියවිලි කිහිපයක් ද පෙන්වමින්.

Share This Article