චිත්‍රසේන මෝටර්ස් වෙතින් ඇමතිවරයෙක් ගැන නිවේදනයක් (Video)
Tuesday, 28 September 2021 - 13:09 | Views - 1,940
රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන, චිත්‍රසේන මෝටර්ස් ආයතනයෙන් 'රේන්ජ් රෝවර්' වර්ගයේ මෝටර් රථයක් මිල දී ගැනීමක් සම්බන්ධ පුවතක් මේ දිනවල පැතිර යනවා.

ඒ සම්බන්ධ ව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය සඳහන් කර සිටින්නේ, අමාත්‍ය චන්න ජයසුමන හෝ ඔහුගේ බිරිඳ කිසිඳු විටක තම ආයතනයෙන් වාහනයක් මිල දී ගෙන නො මැති බවයි.

අමාත්‍යවරයා හෝ ඔහුගේ බිරිඳ කෙදිනක හෝ තම ආයතනයට පැමිණී බවක් ගැන නො දන්නා බව මෝටර් ආයතනය නිවේදනය කරනවා.

එසේ ම අමාත්‍යවරයා හෝ ඔහුගේ බිරිඳ තම ආයතනයට පැමිණි දිනයක සී.සී.ටී.වී සටහන් පවතින බවට සිදු කරන ප්‍රකාශය ද අසත්‍යයක් බව යි ඔවුන් දන්වන්නේ.

තම ආයතනයේ නම අවභාවිත කරමින් වෙබ් අඩවිවල පුවතක් පලවීම හා එම පුවත අලලා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ඇති බව ද ඔවුන් නිරීක්ෂණය කර තිබෙනවා.

එම මාධ්‍ය සාකච්ඡාවල පැවසූ පරිදි සිය ආයතනයේ කිසිඳු ශාඛාවක් තලවතුගොඩ ප්‍රදේශයේ නො මැති බව සඳහන් කරන චිත්‍රසේන මෝටර්ස් ආයතනය, වාහන අලෙවි ක්ෂේත්‍රයේ කීර්තියක් දිනාගනිමින් ඉතා සාර්ථක ව ව්‍යාපාර කටයුතුවල නියැලෙන තම ආයතනයේ නාමය පටු දේශපාලන භාවිතාවන්ට යොදාගැනීම පිළිබඳ ව කනගාටුව පළ කරනවා.

ඉකුත් දිනයක දී හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මෙම කාරණය සම්බන්ධ ව අදහස් කිහිපයක් ම පළ කළේ, චන්න ජයසුමන අමාත්‍යවරයා චිත්‍රසේන මෝටර්ස් ආයතනයෙන් 'රේන්ජ් රෝවර්' වර්ගයේ වාහනයක් මිල දී ගත් බව සඳහන් ලියකියවිලි කිහිපයක් ද පෙන්වමින්.




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top