කොළඹ කොටස් වෙළඳපොළ මිල දර්ශක ඊයේ ඉහළ යෑමක් දක්නට ලැබුණා.
සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 3.69කින් ඉහළ ගිය අතර, එස්. ඇන්ඩ් පී. ශ්රී ලංකා ටුවෙන්ටි මිල දර්ශකය ඉහළ ගියේ ඒකක 2.04 කින්.
දිනයේ සමස්ත වෙළඳපොළ පිරිවැටුම රුපියල් බිලියන 6.7ක්.
මේ වනවිට වෙළඳපොළ තුළ පවතින ධනාත්මක පසුබිම මෙලෙස කොටස් වෙළඳපොළ ඉහළ යෑමට හේතු වී ඇති බවයි පෙන්වා දෙන්නේ.