සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනයට අවසර
Tuesday, 28 September 2021 - 10:27 | Views - 384
සහල් සඳහා පනවා තිබූ පාලන මිල ඇතුළත් ගැසට් නිවේදනය වහා ම අවලංගු කිරීමට අමාත්‍ය මණ්ඩලය ඊයේ තීරණය කළා.

මේ අතර වෙළඳපොළේ සහල් මිල ඉහළ යෑම වැළැක්වීම සඳහා සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් වහා ම ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි ව තිබෙනවා.

සුදු කැකුළු සහ රතු කැකුළු කිලෝවක් රුපියල් 95කට ද නාඩු කිලෝවක් රුපියල් 98ක් ද සම්බා කිලෝවක් රුපියල් 103කට ද කීරි සම්බා කිලෝවක් රුපියල් 125කට ද උපරිම සිල්ලර මිලක් නියම කරමින් රජය පසුගිය දා ගැසට් නිවේදනයක් නිකුත් කළා.

ඊයේ පස්වරුවේ අමාත්‍ය මණ්ඩල රැස්වීම පවත්වනු ලැබුවේ, සූම් තාක්ෂණය ඔස්සේ යි.

මේ අතර කිරිපිටි කිලෝවක් රුපියල් 200කින් ද ගෑස් සිලින්ඩරයක් රුපියල් 550කින් ද සිමෙන්ති කොට්ටයක් රුපියල් 50කින් සහ තිරිඟු පිටි කිලෝවක් රුපියල් 10කින් වැඩි කිරීමට පාරිභෝගික අධිකාරිය යෝජනා කර තිබූ නමුත් ඊයේ රැස් වූ කැබිනට් මණ්ඩලයේ දී ඒ සම්බන්ධයෙන් තීරණයක් ගෙන නැහැ.

එමෙන්ම, ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල හමුවේ දී ලබන වසර සඳහා ඉදිරිපත් කිරීමට නියමිත අයවැය විසර්ජන පනත් කෙටුම්පතට ද අනුමැතිය හිමි ව තිබෙනවා.

මේ අතර ඩොලර් හිඟය හේතුවෙන් කොළඹ වරායේ සිර වී තිබෙන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු බහලුම් නිදහස් කරගැනීමට අවශ්‍ය ඩොලර් සපයන්නැ යි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අමාත්‍ය මණ්ඩලයට දැනුම් දී ඇති බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා.

ඒ අනුව මෙම ඩොලර් ප්‍රමාණය අද දින නිකුත් කිරීමට කටයුතු කරන බව මහ බැංකු අධිපතිවරයා විසින් මුදල් අමාත්‍යවරයාට දැනුම් දී ඇති බවයි ඔහු කියා සිටියේ.

ඩොලර් හිඟය හේතුවෙන් කොළඹ වරායේ සිර වී තිබෙන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු බහලුම් 800කට අධික ප්‍රමාණය නිදහස් කරගැනීම සඳහා ඩොලර් එක්කෝටි පනස් ලක්ෂයකට අධික මුදලක් අවශ්‍ය බව ආහාර ආනයනකරුවන්ගේ සංගමය මීට පෙර ප්‍රකාශ කළා.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top