ලෝක සංචාරක දිනය අදට යෙදී තිබෙනවා.
අන්තර්කරණීය වර්ධනයක් උදෙසා සංචාරක කර්මාන්තය, මෙවර එහි තේමාවයි.
සංචාරක දිනය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පෙන්වා දෙන්නේ, වසංගත තත්ත්වය හමුවේ වුව ද ඊට මුහුණ දෙමින් රටක් ලෙස ඉදිරියට යාමේ අභිප්‍රාය කිසි ලෙසකත් ගිලිහී නො මැති බවයි.
එම නිසා ලොව තිරසර ඉලක්කයන්ට ද ගැලපෙන පරිදි පරිසර හා සංස්කෘතික හිතකාමී සංචාරක කර්මාන්තයක් ගොඩනැගීම රජයේ අරමුණ බව ද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා.
සංචාරක ව්‍යාපාරයේ වැදගත්කම සහ එහි සමාජ, සංස්කෘතික, දේශපාලන හා ආර්ථික වටිනාකම් පිළිබඳ ව ජාත්‍යන්තර ප්‍රජාව දැනුවත් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂිත ආයතනයක් වන ලෝක සංචාරක සංවිධානයේ ප්‍රමුඛත්වය ඇති ව මෙම ලෝක සංචාරක දිනය වාර්ෂිකව සමරනවා.