නිදන්ගත රෝගවලින් පෙළන සහ විශේෂ අවශ්‍යතා සහිත අවුරුදු 12ට වැඩි දරුවන්ට එන්නත් කිරීමේ කටයුතු බස්නාහිර පළාතේ සියලු ප්‍රධාන රෝහල්වල අද (27) ආරම්භ කිරිමට නියමිතයි.
මේ යටතේ බස්නාහිර පළාතේ සියලුම ශික්ෂණ රෝහල්, මහ රෝහල්, දිස්ත්‍රික් රෝහල් සහ මූලික රෝහල් තුළදී අදාළ දරුවන්ට ෆයිසර් එන්නත් ලබා දීම සිදුකරන බව ළමා රෝග විශේෂඥයින්ගේ විද්වත් සංගමය සඳහන් කළා.
මේ අතර, කුඩා ළමයින් අතර කොරෝනා රෝගය ව්‍යාප්තිය පහත වැටී ඇති බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා.
ඔහු කියා සිටියේ මෙලෙස කොරෝනා රෝග ව්‍යාප්තිය පහත වැටුණ ද එහි අතුරු ආබාධ වලින් දරුවන් ආරක්ෂා කර ගැනීම දෙමව්පියන්ගේ වගකීමක් බවයි.