කිරිපිටි, තිරිඟුපිටි, ගෑස් සහ සිමෙන්ති මිල වැඩි කිරීම - තීරණය අද
Monday, 27 September 2021 - 10:08 | Views - 3,674

කිරිපිටි, තිරිඟුපිටි, ගෑස් සහ සිමෙන්ති මිල ගැන අද (27) පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී බොහෝ දුරට අවසන් තීරණයකට එළඹීමට නියමිතයි.
මීට අදාළව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ මිල කමිටුව විසින් සිය යෝජනා පසුගියදා රැස්වූ ජීවන වියදම් කමිටුව වෙත ඉදිරිපත් කර තිබුණා.
ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝවක් රුපියල් 200 කින්, තිරිඟු පිටි කිලෝවක් රුපියල් 10 කින්, සිමෙන්ති කොට්ටයක් රුපියල් 50 කින් ඉහළ දැමීමටයි ඔවුන් යෝජනා කර තිබුණේ.
ගෑස් මිල රුපියල් 550 කින් වැඩි කළ යුතු බවට ද ජිවන වියදම් කමිටුවේදී නිර්දේශ වී තිබුණා.
කෙසේ වෙතත්, මෙම මිල වැඩි වීම සිදුකරන්නේ ද නැද්ද යන්න පිළිබඳව තීරණය කරනු ලබන්නේ අමාත්‍ය මණ්ඩලය විසිනුයි.
ඒ අනුව අද (27) පස්වරු 05 ට අමාත්‍ය මණ්ඩල රැස්වීමක් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
අදාළ භාණ්ඩ වල මිල වැඩි කරන්නේ ද නැතිනම් බදු ඉවත් කරන්නේ ද එසේත් නැතිනම් යම් සහන ලබා දෙන්නේ ද යන්න පිළිබඳව මෙම සාකච්ඡාවේදී තීරණය කරනු ඇතැයි සඳහන්.
ජීවන වියදම් කමිටුව යෝජනා කළ මිල ගණන් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුවහොත් කිරිපිටි කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 1145 ක් ලෙසත් කිලෝ ග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1050 ක් ලෙසටත් ඉහළ යනු ඇති.
Share This Article