"හිරු සුපර් ඩාන්සර් "- ධනුජ ඉන්දීවර (Video)
Saturday, 25 September 2021 - 23:12 | Views - 1,227

දඟකාර පුංචි නැට්ටුවන් පිරිවරාගත් ප්‍රාසාංගික නර්තනයේ රියැලිටි ටෙලිවිෂන් සන්නාමය, "හිරු SUPER DANCER" සීසන් 03 කිරුළ, රඹුක්කන ධනුජ ඉන්දීවරට ශ්‍රී ලාංකේය රියැලිටි ටෙලිවිෂන් වංශ කතාව අලුත් කළ, ජාත්‍යන්තර ප්‍රමිතියෙන් හැඩ වූ, අසමසම, නිර්මාණශීලි, දඟකාර පුංචි නැට්ටුවන් පිරිවරාගත් ප්‍රාසාංගික නර්තනයේ රියැලිටි ටෙලිවිෂන් සන්නාමය වන "හිරු SUPER DANCER" සීසන් 03 අවසන් මහා තරඟය (Grand Finale) Hiru Life Studio මැදිරි සංකීර්ණයේදී අද (25) පැවැත්වුණා.
නර්තනයේ දක්ෂයින් විශාල පිරිසක් අතරින් තේරී ආ, අවසන් සුපිරි නර්තන තරු 5 දෙනා වන කළුතර, වස්කඩුවේ ඔකඳි සමරතුංග, කෑගල්ල, රඹුක්කන ධනූජ ඉන්දීවර, කොළඹ, නුගේගොඩ ඩේලියා සේනානායක, අතුරුගිරියේ මිිලාන් මාලක සහ කළුතර, දොඩංගොඩ ක්‍රිස්ටිනා ඇලෙක්සැන්ඩ්‍රෝනා අවසන් මහා තරඟයේදී කරට කර තරඟ වැදුනා. ඒ අනුව සුවහසක් හිරු ටීවී ප්‍රේක්ෂක මනාපයෙන් "හිරු SUPER DANCER" සීසන් 03 අවසන් මහා තරඟයේ ප්‍රථම ස්ථානය දිගත්තේ, රඹුක්කන, ධනුජ ඉන්දීවර යි. ඔහුට තියුණු සටනක් දුන් අතුරුගිරියේ මිලාන් මාලකට දෙවන ස්ථානයෙන් සෑහීමකට පත් වන්නට සිදුවුණා. මෙම තරගාවලිය පුරාම සුපිරි නර්තන දක්ෂතා ප්‍රකට කළ, වස්කඩුවේ ඔකඳි සමරතුංගට හිමිවූයේ තුන්වැන ස්ථානය යි.
පිළිවෙලින් දොඩංගොඩ ක්‍රිස්ටිනා ඇලෙක්සැන්ඩ්‍රෝනා සිව්වන ස්ථානයත්, නුගේගොඩ ඩේලියා සේනානායක පස්වන ස්ථානයත් දිනාගත්තේ හිරු සුපර් ඩාන්සර් තවත් සාර්ථක අදියරයක අවසානය සනිටුහන් කරමින්. "හිරු SUPER DANCER" අවසන් මහා තරඟයෙන් ජයග්‍රාහී කිරුළ හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා වෙතින් ධනුජ ඉන්දීවරට හිමි වූ අතර, ඊට අමතරව, මොබිටෙල් වෙතින් රුපියල් ලක්ෂ 5ක මුදල් ත්‍යාගයක්, ස්මාර්ට් ජංගම දුරකතනයක් සහ වසරකට අවශ්‍ය ඩේටා පහසුකම් ප්‍රදානය කෙරුණා. එමෙන්ම යුනිලීවර් වෙතින් ජයග්‍රාහක ධනුජ ඉන්දීවරට රුපියල් ලක්ෂ 5ක මුදල් ත්‍යාගයක් ප්‍රදානය කෙරුණු අතර ඔහුගේ නර්තනාචාර්යවරයා වෙත ප්‍රදානය කෙරුණු මුදල රුපියල් ලක්ෂ දෙකක්. ඊට අමතරව, මොබිටෙල් වෙතින් රුපියල් ලක්ෂයක ත්‍යාග මුදලක්ද ඉන්දීවරගේ නර්තනාචාර්යවරයා වෙත පිරිනැමුණා.
මීට අමතරව, ජයග්‍රාහක ධනුජ ඉන්දීවරගේ නර්තනාචාර්යවරයා වෙත, ආසියානු මාධ්‍ය ජාලයේ ගරු සභාපති, රේනෝ සිල්වා මහතා, හිරු ටීවී වෙනුවෙන් පිරිනැමූ මුදල රුපියල් ලක්ෂයක්. දෙවන ස්ථානය දිනාගත් අතුරුගිරියේ මිලාන් මාලකට මොබිටෙල් වෙතින් රුපියල් ලක්ෂයක මුදල් ත්‍යාග සමඟ ස්මාර්ට් ජංගම දුරකතනයක් සහ වසරක් පුරා ඩේටා පහසුකම් නොමිලේ ලබා දෙනවා. එමෙන්ම, යුනිලීවර් වෙතින් මාලකට රුපියල් ලක්ෂ දෙකක මුදල් ත්‍යාගයක් ද පිරිනැමුණා. තුන්වන ස්ථානය දිනාගත්, වස්කඩුවේ ඔකඳි සමරතුංගට යුනිලීවර් වෙතින් රුපියල් ලක්ෂයක මුදල් ත්‍යාගයක් පිරිනැමෙද්දී, මොබිටෙල් ස්මාර්ට් ජංගම දුරකතනයක් සහ වර්ෂයක් පුරා අධ්‍යාපන කටයුතු සඳහා ඩේටා පහසුකම් ත්‍යාග වශයෙන් ලබා දුන්නා.
සිව්වන ස්ථානය දිනාගත්, දොඩංගොඩ ක්‍රිස්ටිනා ඇලෙක්සැන්ඩ්‍රෝනාට යුනිලීවර් වෙතින් රුපියල් ලක්ෂයක මුල්‍ය ත්‍යාගයක් පිරිනමද්දි මොබිටෙල් පෞද්ගලික සමාගම ස්මාර්ට් ජංගම දුරකතනයක් සහ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වසරක් පුරා ඩේටා පහසුකම් ත්‍යාග වශයෙන් ලබාදුන්නා. තරගාවලියේ පස්වන ස්ථානය දිනාගත් නුගේගොඩ ඩේලියා සේනානායකටත් යුනිලීවර් වෙතින් රුපියල් ලක්ෂයක ත්‍යාග මුදලක් පිරිනැමෙද්දි මොබිටෙල් පෞද්ගලික සමාගම ස්මාර්ට් ජංගම දුරකතනයක් සහ වසරක් පුරා නොමිලේ ඩේටා පහසුකම් ලැබෙන පැකේජයක් ත්‍යාග කළා.
Share This Article