කොරෝනාවට බිළි වූ වෛද්‍යවරිය ගැන ඇයගේ පියා කියූ අදහාගත නොහැකි කතාව
Saturday, 25 September 2021 - 14:07 | Views - 526
කොවිඩ් නියුමෝනියා රෝගී තත්වයේ සංකුලතා හේතුවෙන් බහුවිධ අවයව අකර්මණ්‍ය වීමෙන් ගාල්ල” කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි වෛද්‍යවරියක් මියගොස් ඇති බැව් ඊයේ (23 දා) ගාල්ල” කරාපිටිය ශික්ෂණ රෝහලේ දී පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය විය.

මියගොස් ඇත්තේ රත්නපුර රෝහලේ සේවය කරමින් සිටි යට්ටොවිට තරින්දි දිල්ෂිකා විතානගේ (31) නමැති වෛද්‍යවරියකි. ඇය ආසිරි පෙදෙස රජමාවත රත්මලාන ප්‍රදේශයේ පදිංචිකාරියකි. මෙකී වෛද්‍යවරිය රෝහලේ සේවය කරමින් සිටියදී අගෝස්තු මස 23 වැනිදින ඇඟපත වේදනාව නිසා කොළඹ නගරයේ පිහිටි පුද්ගලික රෝහලකින් පීසීආර් පරීක්ෂණයක් සිදුකරගෙන ඇත. එම පරීක්ෂණ ප්‍රතිපල අනුව මෙකී වෛද්‍යවරියට කොවිඞ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇත.

පසුව ඇය ගල්කිස්ස ප්‍රදේශයේ හෝටලයක පිහිටි කොවිඩ් වෛද්‍ය මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබමින් සිට රෝගි තත්වය උත්සන්නවීම නිසා පුද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයක ප්‍රතිකාර ලබමින් සිට ඇත. පසුගිය 02 වැනි දින ගාල්ල” කරාපිටිය ශික්ෂණ රෝහලේ ඇති එක්මෝ යන්ත්‍රයේ ආධාරයෙන් ප්‍රතිකාර ලබාදීම සඳහා කරාපිටිය රෝහලට රැගෙනවිත් ඇත. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් 22 වැනිදින පස්වරුවේ වෛද්‍යවරිය මියගොස් ඇත.

මියගිය වෛද්‍යවරියගේ පියාවන වතු අධිකාරි යට්ටෝවිට විතානගේ නිරංජන් දිල්ෂාන් හේමපාල මහතා හදිසි මරණ පරීක්ෂණයේ දී සාක්ෂි දෙමින් මෙසේ කීවේය.

මියගොස් සිටින්නේ මගේ එකම දියණියයි. ඇය රත්නපුර රෝහලේ වෛද්‍යවරියක් ලෙස සේවය කරමින් සිටියා. දියණියට දියවැඩියා රෝගි තත්වයක් තිබි ප්‍රතිකාර ගෙන සුවවුණා. අගෝස්තු 23 වැනිදා දුව මට දුරකථන ඇමතුමක් දීලා කීවා තාත්තේ මගේ අත හරි අමාරුයි ඇඟත් රිදෙනවා කියලා. මා දුවගෙන් ඇසුවා එක්ක යන්න එන්නද කියලා. මට එන්න එපා කීවා. දුව එන්නම් කීවා. 23 වැනි දින හවස දුව කොළඹ ඇවිත් පුද්ගලික රෝහලක වෛද්‍යවරයකුට පෙන්වුවා. එහිදී දුවට කොවිඞ් වෛරසය ආසාදනය වෙලා තිබුනා.

ඉන්පසු තලවතුගොඩ පිහිටි එම රෝහලේ දැඩිසත්කාර ඒකකයට දියණිය මාරු කළා. මෙම මස 01 වැනි දින හුස්ම ගැනීම පහසුකිරීම සඳහා දියණියගේ මුඛයට බටයක් දමා තිබුනා. 02 වැනි දින දියණිය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට මාරුකළා. දියණිය කරාපිටිය රෝහලේ ඇති එක්මෝ යන්ත්‍රයේ ආධාරයෙන් ප්‍රතිකාර ලබමින් සිටියා. දුව කථා කළේ නැහැ. කොළකැබලිවල ලියා එහි සිටි හෙදි නිලධාරිනියන්ට ලබාදීලා දුව විස්තර අහලා තියෙනවා. කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ වෛද්‍යවරු දියණිය ගොඩදමාගන්න දැඩිකැපවිමක් කළා. ඒ කරපු ප්‍රතිකාර මා දැක්කා යැයි ද ඔහු කිවේය.

මියගිය වෛද්‍යවරියගේ හදිසි මරණ පරික්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අතිරේක හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා විසින් සිදුකළ අතර පශ්චාත් මරණ පරීක්ෂණය විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි යූ. සී. පී. පෙරේරා මහතා ඇතුළු වෛද්‍යවරු කණ්ඩායමක් විසින් සිදුකරණු ලැබීය.

ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි – හිනිදුම රවින්ද්‍රචන්ද්‍රලාල්
දිවයින
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top