පාසැල් සහ පෙර පාසැල් දරුවන් ප්‍රවාහනයට නව වැඩපිළිවෙලක්
Saturday, 25 September 2021 - 9:35 | Views - 1,438
පාසල් විවෘත කිරීමෙන් පසු ප්‍රාථමික අංශයේ සිසුන් සහ පෙර පාසල් දරුවන් ප්‍රවාහනය කිරීම සඳහා විශේෂ ප්‍රවාහන සේවාවක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා.

මහනුවර ප්‍රදේශයේදී ඊයේ (24) මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ සහයකයන් ලෙස කොන්දොස්තරවරුන් වෙනුවට ගුරුවරුන් සහ පෙර පාසල් පාලිකාවන් යොදා ගනිමින් එම විශේෂ ප්‍රවාහන සේවාව ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි.

එමෙන්ම, පාසල් දරුවන් ප්‍රවාහනය කරන පෞද්ගලික රථ ලියාපදිංචි කිරීමේ වැඩපිලිවලක්ද ආරම්භ කෙරෙන බව ඔහු ප්‍රකාශ කළා.

මේ අතර, බස් රථ හිමියන්ට සහන පැකේජයක් ලෙස රුපියල් 150,000ක් දක්වා වන වටිනාකමකින් යුත් වවුචර පත් ලබාදීමේ වැඩපිලිවෙල ඊයේ මහනුවර ප්‍රදේශයෙන් ආරම්භ කෙරුණා.

මෙම සහන පැකේජය ලබා දෙන්නේ දීර්ඝ කාලයක් බස් රථ ධාවනය නොවීම හේතුවෙන් බස් හිමියන් මුහුණ දී ඇති ගැටලුකාරී තත්වයන් සැලකිල්ලට ගනිමින්.

ඒ අනුව, බස් රථ සඳහා අවශ්‍ය අමතර කොටස්, ටයර් ආදිය ලබා ගැනීම සඳහාත් බස් රථ අලුත්වැඩියා කිරීම සඳහාත් මෙම වවුචර පත් ලබා දෙන බවයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සඳහන් කළේ.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top