ලංකා රෝහලේ බෝම්බ සිද්ධියට තවත් තරුණයෙක් කොටුවෙයි
Saturday, 25 September 2021 - 9:32 | Views - 340
පසුගිය 14 වනදා නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලේ වැසිකිළියක් තුල තිබී ජීව අත් බෝම්බයක් සොයා ගැනීමේ සිද්ධියට අදාලව තවත් සැකකරුවෙක් ඊයේ (24) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
22 හැවිරිදි වියේ පසුවන මෙම සැකකරු ත්‍රිකුණාමලය ප්‍රදේශයේ දී, කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළේ.
මෙහි ප්‍රධාන සැකකරු විසින් සිදුකළ අනාවරණය කිරීමකින් අනතුරුවයි අදාල 22 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.
මොහු මෙම සිද්ධියට අදාල ප්‍රධාන සැකකරුට බෝම්බය සකස් කිරීම සඳහා උදව් උපකාර කර ඇති බවට සැකකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසා සිටියේ.
රැඳවුම් නියෝග ලබාගෙන සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකරනු ලබනවා.
Share This Article