‘හිරු සුපර් ඩාන්සර් ’ සීසන් 03 ග්‍රෑන්ඩ් ෆිනාලේ අදයි (Video)
Saturday, 25 September 2021 - 8:57 | Views - 349

දඟකාර පුංචි නැට්ටුවන් පිරිවරාගත් නව්‍යවාදී, අසමසම, නිර්මාණශීලි, ජාත්‍යන්තර ප්‍රමිතියෙන් පිරිපුන් ජාතියේ මහා ප්‍රාසාංගික වේදිකාවේ අති උත්කර්ශවත් අවසන් තරග රාත්‍රිය 'හිරු සුපර් ඩාන්සර්' - සීසන් 03 - ග්‍රෑන්ඩ් ෆිනාලේ අවසන් මහා තරගය අදයි.
හිරු ලයිෆ් මැදිරි සංකීර්ණයේ පැවැත්වෙන 'හිරු සුපර් ඩාන්සර්' සීසන් 03 අවසන් මහා තරගය රාත්‍රී 7.30ට සිට හිරු ටී.වී ඔස්සේ සජීවීකරණය කිරීමට මේ වනවිට සියල්ල සූදානම්.
දඟකාර පුංචි නැට්ටුවන්ගේ නර්ථන දක්ෂතා සමඟින් අනාගත ටෙලිවිෂන් වංශය ලියන්නට හිරු සුපර් ඩාන්සර් නර්තන තරඟාවලිය ඇරඹුනේ හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයකට අනුවයි.
තම සිහින තුරුළු කර ගනිමින් රටේ සිව් දෙසින් පැමිණි පුංචි නැට්ටුවන් විශාල පිරිසක් අතරින් තරගකරුවන් පස් දෙනෙකු අද අවසන් මහා තරඟයේදී 'හිරු සුපර් ඩාන්සර්' සීසන් 03 කිරුළ වෙනුවෙන් තරග වදිනු ඇති.
ඒ, කළුතර දිස්ත්‍රික්කයේ වස්කඩුවේ ඔකඳි සමරතුංග, කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන ධනූජ ඉන්දීවර, කොළඹ දිස්ත්‍රික්කයේ නුගේගොඩ ඩේලියා සේනානායක, අතුරුගිරියේ මිලාන් මාලක සහ කලුතර දිස්ත්‍රික්කයේ දොඩංගොඩ ක්‍රිස්ටිනා ඇලෙක්සැන්ඩ්රෝනායි.
නර්තනයෙන් බල ගැන්වෙන මෙම පංච මහා බලකාය අතරින් 'හිරු සුපර් ඩාන්සර්' සීසන් 03 කිරුළ හිමි කරගන්නා පුංචි නැට්ටුවා තෝරා ගැණෙන්නේ ඔබේ මානාපයෙන්.
ඔබ ආදරය කරන පුංචි නැට්ටුවාට හෝ නැට්ටුක්කාරියට මනාපය පල කිරිමේ දී ඔහුට හෝ ඇයට අයත් කේතය සටහන් කර 7766ට SMS කිරිමේ අවස්ථාව ප්‍රේක්ෂක ඔබට හිමිවනවා.
එසෙත් නොමැතිනම් WWW.HIRUTV.LK හෝ WWW.HIRUSUPERDANCER.LK වෙත පිවිස ඔබේ වටිනා මානප පලකිරිමේ අවස්ථාවද උදාකර දී තිබෙනවා.
අවසන් මහා තරග රාත්‍රිය වර්ණවත් කරන්නට ලොකයම වසග කරගත් ජනප්‍රිය ගායිකා යොහානි ද සිල්වාද එක්විමට නියමිතයි.
Share This Article