ජීවන වියදම් කමිටු රැස්වීම මේ වනවිට ආරම්භ වී තිබෙනවා.
සූම් තාක්ෂණය ඔස්සේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අදාළ රැස්වීම පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.
කිරිපිටි මිල වැඩි කිරීමට ඉදිරිපත් වී ඇති යෝජනා සම්බන්ධයෙන් මෙහි දී සාකච්ඡා කිරීමට නියමිත වනවා.
එසේම, ගෑස්, සිමෙන්ති, සහල් සහ තිරිඟු පිටි සම්බන්ධයෙන් මතු ව ඇති ගැටලු පිළිබඳව ද අද සාකච්ඡාවේ දී අවධානය යොමු කරන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මීට පෙර ප්‍රකාශ කළා.
මෙම ජීවන වියදම් කමිටු රැස්වීමේ දී එළඹෙන තීන්දු තීරණ ප්‍රකාශයට පත් කිරීම සඳහා රාජ්‍ය අමාත්‍යවරයා විසින් අද දහවල් මාධ්‍ය හමුවක් ද් කැඳවා තිබෙනවා.