දරුවන් එන්නත්කරණය ඇරඹෙයි (Video)
Friday, 24 September 2021 - 9:47 | Views - 395
නිදන්ගත රෝගවලින් පෙළෙන සහ විශේෂ අවශ්‍යතා සහිත වයස අවුරුදු 12ට වැඩි දරුවන්ට එන්නත් ලබාදෙමින් මෙරට දරුවන් එන්නත් කිරීමේ වැඩසටහන අද ආරම්භ වුණා.

එහි සමාරම්භක වැඩසටහන පැවැත්වුණේ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේදී යි.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ දී මෙම එන්නත් කිරීමේ වැඩසටහන අද පෙරවරු 9.00ට පමණ ආරම්භ වුණා.

ඒ යටතේ ප්‍රථමයෙන් එන්නත ලබා දුන්නේ අවුරුදු 14ක දැරියකට යි.

මෙම එන්නත්කරණ වැඩසටහන යටතේ දරුවන්ට ලබා දෙන්නේ ෆයිසර් එන්නත යි.

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් එන්නත් ලබා ගැනීම සඳහා අද පෙරවරුවේ දරුවන් 100කට ආසන්න පිරිසක් මව්පියන් විසින් රැගෙන ආ ආකාරය දක්නට ලැබුණා.

වයස අවුරුදු 12ට වැඩි දරුවන් එන්නත් කිරීම කාණ්ඩ තුනක් යටතේ සිදු කිරීමට නියමිත යි.

නිධන්ගත රෝගවලින් පෙළෙන සහ විශේෂ අවශ්‍යතා සහිත වයස අවුරුදු 12ට වැඩි දරුවන් එන්නත් කිරීමේ වැඩසටහන කුරුණෑගල ශික්ෂණ රෝහලේ දී මෙන්ම අනුරාධපුර ශික්ෂණ රෝහලේදී ද අද පෙරවරු 10ට ඇරඹුණා.

මේ අතර, කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ ගෙවුණු දිනයේ දී පළමු සහ දෙවැනි මාත්‍රා වශයෙන් ලබා දුන් එන්නත් මාත්‍රා සංඛ්‍යාව 250,356ක්.

එසේම, කොරෝනා වෛරසය ආසාදනය වී කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි රත්නපුර මහ රෝහලේ සේවය කළ වෛද්‍යවරියක් පෙරේදා මියගොස් තිබෙනවා.

31 හැවිරිදි ඇය රත්මලාන ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.

මේ අතර, කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය ද මේ වනවිට රැස් ව තිබෙනවා.

එසේම, ශ්‍රී ලංකාව සඳහා පනවා තිබූ තාවකාලික සංචාර තහනම මැලේසියාව විසින් ඉවත් කර ඇති බව ද එරට සංක්‍රමණික දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

එමඟින් වැඩිදුරටත් ප්‍රකාශ කළේ, එලෙස මැලේසියාව වෙත පැමිණෙන එරට පුරවැසියන්, දිගුකාලීන බලපත්‍රලාභීන්, ව්‍යාපාරිකයන්, ආයෝජකයන් සහ අනෙකුත් සංචාරකයන්ගේ අයදුම් වෙන් වෙන් ව සලකා බලන බවයි.











Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top