හිරු අනාවරණය කළ හෝටල් නිරෝධායන ජාවාරම හෙටින් අවසන්
Friday, 24 September 2021 - 9:15 | Views - 432
හිරු ප්‍රවෘත්ති දින ගණනාවක් තිස්සේ අනාවරණය කළ, විදෙස්ගත ව සිට පැමිණෙන පිරිස නිරෝධායනයට යොමු කරමින් සිදු කළ මුදල් ගසාකෑමේ මහා ජාවාරම හෙටින් අවසන් වනවා.

එසේම පුර්ණ එන්නත්කරණයට ලක් වූ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට, පරීක්ෂණය සඳහා ඩොලර් 40ක මුදල ගෙවා ගැනීමට නො හැකි නම්, එම මුදල ගෙවීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය සූදානම්.

එම තිරණය ගෙන ඇත්තේ, විදෙස්ගත ව සිට පැමිණෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට ලබාදීමට අවශ්‍ය මාර්ගෝපදේශ සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යංශය සහ කම්කරු අමාත්‍යවරයා අතර ඊයේ පැවැති සාකච්ඡාවකදි යි.

පැය 03ක් ඇතුළත වාර්තා ලබාගත හැකි පී.සී.ආර්. පරීක්ෂණ පහසුකම් කටුනායක ගුවන් තොටුපොළ පරිශ්‍රයේ ඊයේ ස්ථාපිත කෙරුණා.

ඒ අනුව හෙට සිට නව ක්‍රම වේදය මඟින් ඕනෑම විදේශ සංචාරකයෙකුට ඩොලර් 40ක් සහ රක්ෂණ ගාස්තු පමණක් ගෙවා ගුවන් තොටුපොළේදී ම පී.සී.ආර්.පරීක්ෂණයක් සිදු කර තමන් කැමති නිශ්චිත හෝටලයකට යා හැකියි.

කටුනායක ගුවන් තොටුපොළ හරහා මෙරටට පැමිණෙන ගුවන් මගීන් හෝටල් නිරෝධායනයට යොමුකරමින් සිදු කළ මහා පරිමාණ මුදල් ගසාකෑම පිළිබඳ හිරු ප්‍රවෘත්තී දිගින් දිගට ම රට හමුවේ අනාවරණය කළා.

එහි ප්‍රතිපලයක් ලෙසයි නිරෝධායනයෙන් මුදල් ගසා කෑමට තිත තබමින් කටුනායක ගුවන් තොටුපොළේ පී.සී.ආර් පරීක්ෂණාගාරයක් විවෘත කෙරුණේ.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top