සහල්, කිරිපිටි, තිරිඟුපිටි, සිමෙන්ති සහ ගෑස් සම්බන්ධයෙන් වර්තමානයේ පැන නැගී ඇති ගැටලුකාරි තත්ත්වයන් පිළිබඳව හෙට පැවැත්වෙන ජිවන වියදම් කමිටුවේදී අවසන් විසඳුමකට එළඹෙන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න අද ප්‍රකාශ කළා.
ඒ කොළඹ අද පැවති විශේෂ මාධ්‍ය හමුවකදීයි.
ජිවන වියදම් කමිටුව හෙට පෙරවරු 10 ට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී රැස්වීමට නියමිතයි.
මේ අතර, අත්‍යාවශ්‍ය භාණ්ඩ සහිත කන්ටේනර් 800 ක් පමණ මේ වනවිට නිශ්කාශනය කර ගැනීමට නොහැකිව කොළඹ වරාය තුල පවතින බව අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කළා.
එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ පවතින ඩොලර් හිඟය හේතුවෙන් මෙලෙස භාණ්ඩ නිදහස් කර ගැනීමට නොහැකි වී ඇති බවයි.
පාර්ලිමේන්තුවේදී සම්මත වූ පාරිභෝගික සේවා අධිකාරි සංශෝධන පනත් කෙටුම්පතට කතානායකවරයා ඊයේ දිනයේම අත්සන් තිබූ අතර එය මේ වනවිට බලාත්මකයි.