කොරෝනාව වසන්තයේදී ප්‍රතිශ්‍යාවක් බවට පත්වේවි
Thursday, 23 September 2021 - 18:09 | Views - 3,680
ලොව පුරා මිනිස් ජිවිත හතලිස් හත් ලක්ෂයකට වැඩි සංඛ්‍යාවක් බිලිගත් විසිතුන් කෝටියක් රෝගී කළ කොරෝනා වෛරස් ගෝලීය වසංගතය මීළඟ වසත් සමය උදා වනවිට සාමාන්‍යය ප්‍රතිශ්‍යාවක් බවට පත්වනු ඇතැයි ප්‍රකට වෛද්‍ය විද්‍යාඥයෙකු පවසනවා.

ඇස්ට්‍රාසෙනෙකා කොරෝනා එන්නත නිපදවූ විද්‍යාඥ කණ්ඩායමේ මහාචාර්ය ශ්‍රීමත් ජෝන් බෙල් ප්‍රකාශ කළේ මෙම ශීත ඍතුව පසුවීමත් සමඟ තත්ත්වය සාමාන්‍ය අතට හැරෙනු ඇති බවයි.

මේ අතර, සංවර්ධනය වෙමින් පවත්නා රටවල් වෙත කොරෝනා එන්නත් මාත්‍රා මිලියන 500 ක් ඉදිරි වසරේදී පරිත්‍යාග කරන බව ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් නිල වශයෙන් නිවේදනය කළා.

ජගත් සංවිධාන මහා මණ්ඩල සමුළුවට සමගාමීව පැවති කොරෝනා වෛරසය පිළිබඳ අතත්‍ය සමුළුවේදී ජනපති බයිඩ්න් ප්‍රකාශ කළේ එන්නත්කරණය මගින් වෛරසයට එරෙහිව සන්නද්ධ විය හැකි බවයි.

ගෝලීය ජනගහනයෙන් සියයට 70 ක් එන්නත්කරණයට ලක් කිරීමට නම් කොරෝනා එන්නත් මාත්‍රා බිලියන 11 ක් අවශ්‍ය බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළා. කවයි.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top