ලොව පුරා මිනිස් ජිවිත හතලිස් හත් ලක්ෂයකට වැඩි සංඛ්‍යාවක් බිලිගත් විසිතුන් කෝටියක් රෝගී කළ කොරෝනා වෛරස් ගෝලීය වසංගතය මීළඟ වසත් සමය උදා වනවිට සාමාන්‍යය ප්‍රතිශ්‍යාවක් බවට පත්වනු ඇතැයි ප්‍රකට වෛද්‍ය විද්‍යාඥයෙකු පවසනවා.
ඇස්ට්‍රාසෙනෙකා කොරෝනා එන්නත නිපදවූ විද්‍යාඥ කණ්ඩායමේ මහාචාර්ය ශ්‍රීමත් ජෝන් බෙල් ප්‍රකාශ කළේ මෙම ශීත ඍතුව පසුවීමත් සමඟ තත්ත්වය සාමාන්‍ය අතට හැරෙනු ඇති බවයි.
මේ අතර, සංවර්ධනය වෙමින් පවත්නා රටවල් වෙත කොරෝනා එන්නත් මාත්‍රා මිලියන 500 ක් ඉදිරි වසරේදී පරිත්‍යාග කරන බව ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් නිල වශයෙන් නිවේදනය කළා.
ජගත් සංවිධාන මහා මණ්ඩල සමුළුවට සමගාමීව පැවති කොරෝනා වෛරසය පිළිබඳ අතත්‍ය සමුළුවේදී ජනපති බයිඩ්න් ප්‍රකාශ කළේ එන්නත්කරණය මගින් වෛරසයට එරෙහිව සන්නද්ධ විය හැකි බවයි.
ගෝලීය ජනගහනයෙන් සියයට 70 ක් එන්නත්කරණයට ලක් කිරීමට නම් කොරෝනා එන්නත් මාත්‍රා බිලියන 11 ක් අවශ්‍ය බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළා. කවයි.