කබ්රාල්ගේ ධුරය වළක්වාලන්නැ යි අභියාචනාධිකරණයට පෙත්සම්
Thursday, 23 September 2021 - 14:34 | Views - 352
අජිත් නිවාඩ් කබ්රාල් මහබැංකු අධිපති ලෙස කටයුතු කිරීම වළක්වන රීට් ආඥාවක් ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සම් දෙකක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර විසින්.

මහ බැංකුවේ අධිපතිවරයා ලෙස අජිත් නිවාඩ් කබ්රාල් පත් කිරීම අභියෝගයට ලක් කරමින් ඔහු මහබැංකු අධිපතිධූරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර අද (23) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළා.

සිය මූලික අයිතිවාසිකම් පෙත්සම මගින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා නිතිපතිවරයා, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර වගඋත්තරකරුවන් බවට පත් කර තිබුණා.  

මහ බැංකුවේ චිරාත් කාලයක් පවතින ආචාර ධර්ම පද්ධතියට අනුව දේශපාලනයට සම්බන්ධ පුද්ගලයෙක් හට අධිපතිධූරයට පත්විය නොහැකි බවද, එහෙත් අජිත් නිවාඩ් කබ්රාල් දේශපාලනයට සෘජුව සම්බන්ධ පුද්ගලයෙක් බවද මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කරමින් මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයා පවසයි.

ඔහු 1999 වසරේදී එකසත් ජාතික පක්ෂය නියෝජනය කරමින් බස්නාහිර පළාත් සභාවට තේරි පත්වූ බවද 2004 වසරේදී අගමැති මහින්ද රාජපක්ෂගේ උපදේශකයෙක් ලෙස පත්ව පසුව සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශයේ ලේකම්ධූරයට ද පත්වූ බව මෙම පෙත්සමේ සදහන් වෙනවා.

2006 වසරේ ජූලි 1 වන දින 2015 ජනවාරි 9 දින දක්වා මහබැංකු අධිපති ධූරය දැරූ ඔහු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ධූරයේ දිවුරුම් දුන් දිනයේදීම එම තනතුරින් ඉල්ලා අස්වූ බවද එමගින් ඔහුගේ දේශපාලන බැදියාවන් පෙන්නුම කරන බවද පෙත්සමේ දැක්වෙනවා.

පොදුජන පෙරමුණ පිහිටුවන අවස්ථාවේ ආරම්භක සාමාජිකයෙක් වූ ඔහු එම පක්ෂයේ ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණ මුදල් ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය ආමාත්‍ය ධූරය දැරූ බවත්, එම රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූ දින රාත්‍රියේදී මහ බැංකු අධිපතිවරයා ලෙස පත් කර ඇති බවත් මෙම පෙත්සමේ වැඩිදුරටත් සඳහන්.

බැදුම්කර වංචාව සම්බන්ධයෙන් පැවැත්වූ වෝහාරික විගණනවලදී අජිත් නිවාඩ් කබ්රාල් සම්බන්ධයෙන් විමර්ශණ කර ඇති බවද, බැදුම්කර වංචාවට සම්බන්ධ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂවරියක් ලෙස ඔහුගේ සහෝදරියක් වන ශිරෝමි නොයෙල් වික්‍රමසිංහ කටයුතු කර ඇති බවද මනුෂ නානායක්කාර ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමේ සඳහන්.

එමෙන්ම පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළලේ සත්කාරකත්වය මෙරටට ලබා ගැනීම සඳහා ලංකාවේ ප්‍රතිරූපය වර්ධනය කිරීම වෙනුවෙන් ඇමරිකාවේ සිටින සුබේර් නම් පුද්ගලයෙක්ට ඩොලර් මිලියන 6.5ක මුදලක් ලබාදීම සදහා මූලිකත්වය ගෙන කටයුතු කර ඇති බවද එමගින් අජිත් නිවාඩ් කබ්රාල් ඩොලර් මිලියන 6.5ක මුදලක් රටට අහිමි කර ඇති බවද මන්ත්‍රීවරයා විසින් ගොනු කළ පෙත්සමේ සදහන් වෙනවා.

මෙවැනි පුද්ගලයෙක් මහ බැංකු අධිපතිවරයා ලෙස පත් කිරීමට ජනාධිපතිවරයා ඇතුළු විධායකය ගත් තීරණය මගින් තමන්ගේ මූලික අයිතිවාසකම් උල්ලංඝනය වන අතර එබැවින් අජිත් නිවාඩ් කබ්රාල්ගේ පත්වීම බල රහිත කරන ලෙස මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top