තවත් විකෘති ප්‍රභේදයක් අමෙරිකාවෙන්
Thursday, 23 September 2021 - 13:23 | Views - 1,428
වයස අවුරුදු 65 ඉක්මවූවන්ට දෙවන මාත්‍රාව ලබා, මාස 06ක් ගත වූ පසු ෆයිසර් එන්නතේ 03 වන වර්ධක මාත්‍රාවක් ලබාදීම එෆ්.ඩී.ඒ. හෙවත් අමෙරිකානු ආහාර හා ඖෂධ පරිපාලන ආයතනය අනුමත කර තිබෙනවා.

එහි දී දැඩි රෝගී තත්ත්වයට පත්වීමේ අවදානම සහිත පුද්ගලයින්ට මෙන්ම නිරන්තරයෙන් වෛරසයට නිරාවරණය වන පුද්ගලයින්ට ද මෙලෙස 03 වන මාත්‍රාවක් ලබාදීම යෝග්‍ය බවයි අමෙරිකානු එෆ්.ඩී.ඒ. ආයතනය ප්‍රකාශ කර ඇත්තේ.

මෙම තීරණයත් සමඟ මීට මාස 06කට පෙර කොරෝනා එන්නතේ දෙවන මාත්‍රාව ලැබූ මිලියන සංඛ්‍යාත අමෙරිකානුවන්ට ෆයිසර් එන්නතේ 03 වන මාත්‍රාවක් ලබාදීම ආරම්භ වනු ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

එමෙන්ම, වයස අවුරුදු 16 ඉක්ම වූ සියල්ලන්ට ෆයිසර් එන්නතේ 03 වන හෙවත් වර්ධක මාත්‍රාවක් ලබාදීම අනුමත කරන ලෙස ෆයිසර් සමාගම, අමෙරිකානු ආහාර හා ඖෂධ පරිපාලන ආයතනයෙන් ඉල්ලීමක් කර ඇති බව සඳහන්.

මේ අතර, ෆයිසර් හෝ මොඩර්නා යන එම්.ආර්.එන්.ඒ වර්ගයේ කොරෝනා එන්නත් ලබන ගර්භනී මව්වරුන් බිහිකරන දරුවන්ට කොරෝනා වෛරසයට එරෙහි ඉහළ මට්ටමේ ප්‍රතිදේහ ගොඩනැගෙන බව අනාවරණ වී තිබෙනවා.

ඇමෙරිකානු ප්‍රසව සහ නාරිවේද වෛද්‍ය සඟරාවක ප්‍රකාශයට පත් කර ඇති වාර්තාවකට අනුව, එලෙස එම්.ආර්.එන්.ඒ. කොරෝනා එන්නත් ලබාදුන් මව්වරුන් 36 දෙනෙකු බිහිකළ දරුවන් තුල ඉහළ මට්ටමේ ප්‍රතිදේහ දක්නට ලැබුණු බව සඳහන්.

ගර්භනී මවරුවන් කොරෝනා එන්නත් ලබාගැනීමේ වැදගත්කම එයින් තහවුරු වන්නේ යැයි අධ්‍යයනය සිදු කළ වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ ප්‍රසව සහ නාරිවේදය පිළිබඳ මහාචාර්ය ලින්ඩා එකර්ට් ප්‍රකාශ කළා.

ඇල්ෆා බීටා ගැමා ඩෙල්ටා ලැම් සහ මියු යන ප්‍රමුඛ කොරෝනා වෛරස් ප්‍රභේදයන්ට අමතර ව, තවත් විකෘති ප්‍රභේද කිහිපයක් ලොව පුරා විවිධ ප්‍රදේශවලින් වාර්තා වනවා.

ඒ අතර, ඇමෙරිකානු සහ ජපාන සම්බන්ධතාවක් සහිත නව කොරෝනා විකෘති ප්‍රභේදයත්, ඇමෙරිකාවේ කෙන්ටකි ප්‍රදේශයේ සාත්තු නිවාසයකින් සොයා ගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා.

එහි නිවැසියන් සහ සෞඛ්‍ය සේවකයන් ඇතුළු 45 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවයි වාර්තා වන්නේ.

ජපානයේ මුල් වරට බිහි වී ඇති 'ආර් වන්' ලෙස හඳුන්වන නව විකෘති ප්‍රභේදයේ ප්‍රමුඛ ප්‍රභේදයක් බවට පත්විය හැකි ලක්ෂණ පවතින බව සඳහන්.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top