අවසන් ගමන් ගිය වෛද්‍ය ඒලියන්ත වයිට් (Photos)
Thursday, 23 September 2021 - 13:07 | Views - 553
කොවිඩ් ආසාදිතව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබූ වෛද්‍ය ඒලියන්ත වයිට් ඊයේ අභාවප්‍රාප්ත වුණා.කොවිඩ් තත්වය උත්සන්න වීම හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක සිටි ඔහු පසුගියදා කරාපිටිය ශික්ෂණ රෝහල වෙත ද යොමු කර තිබුනේ එහි ඇති විශේෂ ශ්වසන උපකාරක යන්ත්‍රයක ප්‍රතිකාර ලබාදීම සඳහායි.අනතුරුව පෙරේදා පස්වරුවේ ඔහු යළිත් කොළඹ පෞද්ගලික රෝහලක් වෙත රැගෙන විත් තිබුණා. කෙසේ වෙතත් නිරෝධායන නීතියට අනුකූලව වෛද්‍ය ඒලියන්ත වයිට්ගේ අදාහන කටයුතු අද සිදු කෙරුණා.


Share This Article