වයස අවුරුදු 65 ඉක්ම වූවන්ට දෙවන මාත්‍රාව ලබා, මාස 06 ක් ගත වූ පසු ෆයිසර් එන්නතේ 03 වන වර්ධක මාත්‍රාවක් ලබාදීම එෆ්.ඩී.ඒ. හෙවත් අමෙරිකානු ආහාර හා ඖෂධ පරිපාලන ආයතනය අනුමත කර තිබෙනවා.
එහිදී දැඩි රෝගී තත්ත්වයට පත්වීමේ අවදානම සහිත පුද්ගලයින්ට මෙන්ම නිරන්තරයෙන් වෛරසයට නිරාවරණය වන පුද්ගලයින්ටද මෙලෙස 03 වන මාත්‍රාවක් ලබාදීම යෝග්‍ය බවයි අමෙරිකානු එෆ්.ඩී.ඒ. ආයතනය ප්‍රකාශ කර ඇත්තේ.
මෙම තීරණයත් සමඟ මීට මාස 06 කට පෙර කොරෝනා එන්නතේ දෙවන මාත්‍රාව ලැබූ මිලියන සංඛ්‍යාත අමෙරිකානුවන්ට ෆයිසර් එන්නතේ 03 වන මාත්‍රාවක් ලබාදීම ආරම්භ වනු ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
එමෙන්ම, වයස අවුරුදු 16 ඉක්ම වූ සියල්ලන්ට ෆයිසර් එන්නතේ 03 වන හෙවත් වර්ධක මාත්‍රාවක් ලබාදීම අනුමත කරන ලෙස ෆයිසර් සමාගම, අමෙරිකානු ආහාර හා ඖෂධ පරිපාලන ආයතනයෙන් ඉල්ලීමක් කර ඇති බව සඳහන්.