අමෙරිකාවේ 65 ට වැඩි පුද්ගලයින්ට ෆයිසර් තුන්වන මාත්‍රාවට අවසර
Thursday, 23 September 2021 - 11:50 | Views - 606
වයස අවුරුදු 65 ඉක්ම වූවන්ට දෙවන මාත්‍රාව ලබා, මාස 06 ක් ගත වූ පසු ෆයිසර් එන්නතේ 03 වන වර්ධක මාත්‍රාවක් ලබාදීම එෆ්.ඩී.ඒ. හෙවත් අමෙරිකානු ආහාර හා ඖෂධ පරිපාලන ආයතනය අනුමත කර තිබෙනවා.

එහිදී දැඩි රෝගී තත්ත්වයට පත්වීමේ අවදානම සහිත පුද්ගලයින්ට මෙන්ම නිරන්තරයෙන් වෛරසයට නිරාවරණය වන පුද්ගලයින්ටද මෙලෙස 03 වන මාත්‍රාවක් ලබාදීම යෝග්‍ය බවයි අමෙරිකානු එෆ්.ඩී.ඒ. ආයතනය ප්‍රකාශ කර ඇත්තේ.

මෙම තීරණයත් සමඟ මීට මාස 06 කට පෙර කොරෝනා එන්නතේ දෙවන මාත්‍රාව ලැබූ මිලියන සංඛ්‍යාත අමෙරිකානුවන්ට ෆයිසර් එන්නතේ 03 වන මාත්‍රාවක් ලබාදීම ආරම්භ වනු ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

එමෙන්ම, වයස අවුරුදු 16 ඉක්ම වූ සියල්ලන්ට ෆයිසර් එන්නතේ 03 වන හෙවත් වර්ධක මාත්‍රාවක් ලබාදීම අනුමත කරන ලෙස ෆයිසර් සමාගම, අමෙරිකානු ආහාර හා ඖෂධ පරිපාලන ආයතනයෙන් ඉල්ලීමක් කර ඇති බව සඳහන්.


 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top