හිරු පුවත ඵල දරයි - ගුවන්තොටුපොළට PCR පරීක්ෂණ මධ්‍යස්ථානයක් (Video)
Thursday, 23 September 2021 - 11:28 | Views - 280
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ, PCR පරීක්ෂණ මධ්‍යස්ථානය අද විවෘත කර තිබෙනවා.
ඒ අනුව මෙරටට පැමිණෙන පුද්ගලයින්ට පැය 3ක් ඇතුළත PCR පරීක්ෂණය සිදු කර ගැනීමට අවස්ථාව හිමිවෙනු ඇති.
සංචාරක කටයුතු අමාත්‍ය ප්‍රසන්න රණතුංග පැවසුවේ, සෙනසුරාදා (25) සිට මෙම PCR පරීක්ෂණ සේවාව ආරම්භ කරන බවයි.
හිරු ප්රවෘත්ති මඟින් හෙළිදරව් කළ ජාවාරමකට තුඩු දුන් අනිවාර්ය හෝටල් නිරෝධායන ක්‍රියාවලිය මෙයින් අවසන් වුණා.
මේ අතර, හිරු ප්රවෘත්ති අනාවරණය කළ විදෙස් රටවල සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් ඇතුළු සංචාරකයින් හෝටල් නිරෝධායනයට යොමු කළ මුදල් ගසාකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේ දී ඇති වූ සංවාදය පහතින්.
Share This Article