" මැණිකේ මගේ හිතේ " අමෙරිකාවෙත් දෙසවන් පිනවයි (Video)
Tuesday, 21 September 2021 - 14:10 | Views - 1,020
ශ්‍රී ලාංකික යොවුන් ගායිකා යොහානි සමඟ සතීෂන් ගැයූ 'මැණිකේ මගේ හිතේ' ගීතය යූටියුබ් ගෝලීය සංගීත දර්ශකයේ මුල් ගීත 10 අතරට පිවිස තිබෙනවා.

එය මේ සතියේ 07 වන ස්ථානයේ පසු වෙන අතර, මේ වෙනවිට ගීතයේ නැරඹුම් වාර සංඛ්‍යාව මිලියන 116 ඉක්මවා අවසන්.

ඉන්දියාවේ ද 'මැණිකේ මගේ හිතේ' ගීතය උන්මාදයක් බවට පත් වූයේ සුපිරි බොලිවුඩ් නළු අමිතාබ් බච්චන් ඇතුළු ඉන්දීය සිනමාවේදීන් ද ඊට නර්තනාංග ඉදිරිපත් කිරීමත් සමඟයි.

ටයිගර් ෂෙරෝෆ්, මධුරි ඩික්සිත්, පරීනිති චොප්රා මෙන්ම සංගීතඥ සෝනු නිගම් ද සිය සමාජ මාධ්‍ය පිටුවල ගීතය පිළිබඳ සටහන් එක් කළා.

ඉන්දියාවේ ප්‍රධාන පෙළේ රූපවාහිණී නාලිකා මඟින් ද යොහානි සම්මුඛ සාකච්ඡා සඳහා එක්කර ගනු ලැබූ අතර, එන්.ඩී.ටී.වී. නාලිකාව විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇය සඳහන් කළේ, සුප්‍රකට ඉන්දීය සංගීතඥ ඒ.ආර්. රහුමාන් ඇතුළු සංගීතඥයින් සමඟ නිර්මාණ කිරීමට ඇය කැමැත්තෙන් පසු වෙන බවයි.

මේ අතර, අමෙරිකාවේ ජනාකීර්ණ වීථිවලට ද 'මැණිකේ මගේ හිතේ' ගීතය පිවිසී ඇති බව වාර්තා වුණා.

අමෙරිකාවේ ජීවත්වන ප්‍රකට යුක්රේන යොවුන් වයලීන් වාදන ශිල්පිණී කැරොලිනා පොටෂෙන්කෝ කැලිෆෝනියාවේ - සැන්ටා මොනිකා හි වීථියක දී 'මැණිකේ මගේ හිතේ' ගීතය වාදනය කළේ විශාල පිරිසක් ආකර්ශනය කර ගනිමින්.



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top