කිරිපිටි මිල වැඩි කිරීම ගැන අවසන් තීරණය
Tuesday, 21 September 2021 - 10:47 | Views - 573

කිරිපිටි මිල වැඩි කිරිම සම්බන්ධයෙන් අනිද්දා රැස් වෙන ජීවන වියදම් කමිටුවේ දී සාකච්ඡා කිරිමට නියමිත ව තිබෙනවා.
එහි දී ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළැඹෙනු ඇති.
ලෝක වෙළඳපොළේ කිරිපිටි මිල ඉහළ යාම, නැව් ගාස්තු ඉහළ යාම මෙන්ම රුපියලට සාපේක්ෂ ව ඩොලරයේ අගය ඉහළ යාම යන හේතු මත කිරිපිටි මිල වැඩි කිරීමට ආනයනකරුවන් රජයෙන් දිගින් දිගට ම ඉල්ලීම් කළා.
එහෙත් මිල වැඩි කිරීමට රජය ඊට අවසර ලබා දුන්නේ නැහැ.
කෙසේ වෙතත් පසු ව ඔවුන් කිරිපිටි ආනයනය නතර කිරීමට පියවර ගනු ලැබුවේ ඔවුන්ට සිදුවන මූල්‍ය අලාභය සැලකිල්ලට ගනිමින්.
මේ වනවිට වෙළඳපොළ තුළ කිරිපිටි නො මැති තත්වයක් ද උද්ගත ව ඇති අතර, එවන් පසුබිමක් තුළයි ආනයනකරුවන් සහ මුදල් අමාත්‍යවරයා අතර පෙරේදා දිනයේ දී සාකච්ඡාවක් පවත්වනු ලැබුවේ.
එහි දී කිරිපිටි ආනයනකරුවන් ඉල්ලා ඇත්තේ කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 350කින් ඉහළ දැමිය යුතු බවට යි.
කෙසේ වෙතත්, පසු ව මුදල් අමාත්‍යවරයා සමඟ දීර්ඝ වශයෙන් වෙළඳපොළ තත්ත්වයන් සහ ආනයනික බදු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමෙන් පසුව යි රුපියල් 200ක මිල වැඩි වීමකට ආනයනකරුවන් එකඟ වී ඇත්තේ.
ඒ අනුව ඒ පිළිබඳව අවසන් තීරණයක් ගනු ලබන්නේ ලබන බ්‍රහස්පතිදා දිනයේ රැස් වන ජීවන වියදම් කමිටුවේදි යි. එහි දී දීර්ඝ වශයෙන් මේ පිළිබඳ ව සාකච්ඡා කර තිරණයක් ගැනිමට නියමිත බවයි වාර්තා වන්නේ.
මෙරට මාසික කිරිපිටි පරිභෝජනය මෙට්‍රික් ටොන් 6,500ත් 7,000ත් අතර අගයක පවතින අතර, දෛනික කිරිපිටි පරිභෝජනය මෙට්‍රික් ටොන් 200ක්.
Share This Article