මැතිසබය අද රැස්වෙයි
Tuesday, 21 September 2021 - 9:49 | Views - 948
නියෝග හා රෙගුලාසි කිහිපයක් ඉදිරිපත් කිරීම වෙනුවෙන් පාර්ලිමේන්තුව අද පෙරවරු 10ට රැස්වීමට නියමිතයි.
පාර්ලිමේන්තු රැස්වීම දින දෙකකට පමණක් සීමා කිරිමට පසුගිය දා පැවැති පක්ෂ නායක රැස්විමේ දී තීරණය කෙරුණා.
ඒ අනුවයි අද සහ හෙට පාර්ලිමේන්තුව මෙලෙස රැස්වීමට තිරණය කර ඇත්තේ.
මේ අනුව, සංශෝධන පනත් කිහිපයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිම අද සිදු කිරිමට නියමිතයි.
එසේම, පාරිභෝගික කටයුතු අධිකාරි සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවිමේ විවාදය හෙට පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට නියමිත බව සභානායක කාර්යාලය නිවේදනය කළා.
Share This Article