ජගත් මහා මණ්ඩල සමුළුව අද ඇරඹේ
Tuesday, 21 September 2021 - 9:32 | Views - 331
එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරය ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝක්හි දී අද ආරම්භ වීමට නියමිත යි.

ඒ, අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ගේ ප්‍රධානත්වයෙන්.

කොවිඩ් 19 වෛරසයෙන් සුවය ලබා ගැනීම සඳහා බලාපොරොත්තු සහගත බව තුළින් ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය, තිරසර බව යළි ගොඩනැගීම, පෘථිවියේ අවශ්‍යතාවන්ට ප්‍රතිචාර දැක්වීම, මිනිසුන්ගේ අයිතිවාසිකම්වලට ගරු කිරීම සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය නැවත පණ ගැන්වීම මෙවර සමුළුවේ තේමාව යි.

නිව්යෝක් වේලාවෙන් අද පෙරවරු 9ට ආරම්භ වන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වන සැසිවාරයේ ආරම්භක දේශකයා වන්නේ බ්‍රසීල ජනාධිපති ජායිර් බොල්සෙනාරෝ වන අතර, අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ඉන් අනතුරු ව සමුළුව අමතනවා.

මාලදිවයින් ජනාධිපති ඊබ්‍රාහිම් සොලී 03 වන දේශකයා ලෙසයි ජගත් සංවිධාන මහා මණ්ඩල වෙබ් අඩවියේ දක්වා ඇත්තේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමුළුව අමතනු ලබන්නේ හෙට නිව්යෝක් වේලාවෙන් පෙරවරු 11ට ආරම්භ වන සැසියේදි යි.

මෙම සමුළුව ඇමතීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය දා දිවයිනෙන් පිටත් ව ගියා.

ජනාධිපතිවරයා හෙට දිනයේ දී සමුළුව ඇමතීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

සැසිවාරය අතරතුර ජනාධිපතිවරයා රාජ්‍ය නායකයින් කිහිප දෙනෙකු සමඟ ද්වි පාර්ශ්වික සාකච්ඡා පැවැත් වීමට ද නියමිත අතර, පසුගිය දා එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් ද හමු වී තිබුණා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ කුවේට් අග්‍රාමාත්‍ය ෂෙයික් සබා අල් හමාඩ් අල් සබා අතර හමුවක් ද නිව්යෝක්හි දී සිදු වී තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, කුවේටයේ වැඩි රැකියා අවස්ථා ශ්‍රී ලංකාවට ලබාදෙන ලෙස ජනාධිපතිවරයා එහි දී කුවේට් අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටි බවයි.

කොළඹ වරාය නගරය, සූර්‍ය හා සුළං බලශක්ති මෙන්ම පිරිපහදු ක්ෂේත්‍රයන්හි කුවේටයට ශ්‍රී ලංකාවේ සිදු කළ හැකි ආයෝජන පිළිබඳව ද ජනාධිපතිවරයා කුවේට් අග්‍රාමාත්‍යවරයාගේ අවධානයට යොමුකර තිබෙනවා.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top