හදවත් රෝගීන් කඩිනමින් පූර්ණ එන්නත්කරණයට යොමුවිය යුතුයි
Saturday, 18 September 2021 - 9:50 | Views - 1,786
මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඊයේ  (17) ලක්ෂ පහේ සීමාව ඉක්මවා ගියා.

ඒ, කොරෝනා ආසාදිතයින් 2078 දෙනෙකු ඊයේ (17) හඳුනාගැනීමත් සමඟයි.

ඊයේ මෙරටින් හඳුනා ගත් නව ආසාදිතයින් 2078 දෙනාත් සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දැක්වුණේ 500,772 ක් ලෙසයි.

නව ආසාදිතයින්ගෙන් 2070 දෙනකු අලුත් අවුරුදු කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වන අතර විදේශයන්හි සිට පැමිණි 08 දෙනෙකු ද ආසාදිතයින් ලෙස හඳුනා ගැණුනා.

ඒ අනුව මෙරට සක්‍රීය ආසාදිතයින් සංඛ්‍යාව 59,508ක් වන අතර සුවය ලැබූ මුළු සංඛ්‍යාව 429,776ක්.

එමෙන්ම, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් පෙරේදා සිදු වූ බවට ඊයේ (17) තහවුරු කරනු ලැබූ මරණ 121ක් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වුණේ 11,938ක් ලෙසයි.

මේ අතර තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 04ක් අද (18) අලුයම මෙරටට රැගෙන එනු ලැබුවා.

ඒවා පෙට්ටි 41ක අසුරා තිබූ බවයි ගුවන් තොටුපළ හිරු වාර්තාකරු සඳහන් කළේ.

හදවත් රෝගීන් කඩිනමින් පූර්ණ එන්නත්කරණයට යොමුවීම අවශ්‍ය බව මීගමුව මූලික රෝහලේ හෘදරෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දිස්නා අමරතුංග ප්‍රකාශ කළා.

ඇය මේ බව කියා සිටියේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ (17) පැවති මෙම මාධ්‍ය හමුවකදියි.

මේ අතර ආදේශක සෞඛ්‍ය කාර්ය සහයකයින් 1391 දෙනෙකු ස්ථීර සේවයට පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

මේ වන විට මෙරට සෞඛ්‍ය සේවාවේ ලක්ෂ එක හමාරකට අධික සෞඛ්‍ය වෘත්තිකයින් සංඛ්‍යාවක් සිටින අතර ඉන් 22,000කට ආසන්න සෞඛ්‍ය කාර්ය සහයකයින් සිටින බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top