මාත්‍රා දෙක ම ලබා ගත්ත ද අවදානයෙන් සිටින්න - සෞඛ්‍ය අංශ
Friday, 17 September 2021 - 14:58 | Views - 4,076

එන්නත් මාත්‍රා දෙකම ලබාගත්ත ද නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීම නො කළහොත් ජීවිත අවදානම ඉහළ බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.
මේ අතර මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 5 සීමාවට
ආසන්න වී තිබෙනවා.
පසුගිය 15 වැනි දා සිදු වූ කොවිඩ් මරණ 118ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ දිනයේ තහවුරු කරනු ලැබුවා.
මෙලෙස මියගොස් ඇත්තේ කාන්තාවන් 57 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 61ක්.
මෙලෙස දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව 120ට අඩුවෙන් වාර්තා වූයේ දින 37 කට පසුවයි.
ගෙවුණු දින 5ක් පුරා මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 150ට වඩා අඩු අගයකින් වාර්තා වුණා.
මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව මේ වන විට දැක්වෙන්නේ 11,817ක් වශයෙන්.
මේ අතර ගෙවුණු දිනයේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 2,271 දෙනෙකු වාර්තා වුණා.
ඔවුන් සියලුදෙනා අලුත් අවුරුදු පොකුරේ ආශ්‍රිතයින්.
මේ වනවිට මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව ලක්ෂ 5කට ආසන්න වෙමින් තිබෙනවා.
එම සංඛ්‍යාව දැක්වෙන්නේ 498,694ක් ලෙසයි,
තවදුරටත් සක්‍රීය කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 58,287ක් වන අතර, සුවය ලබා රෝහල්වලින් පිට ව
ගොස් ඇති සංඛ්‍යාව 428,590ක්,
Share This Article