ප්‍රභූ නිවසකින් ගෙන ආ බව කියන බෝම්බ සිද්ධියට අදාළව තවත් සැකකරුවෙක් අත් අඩංගුවට
Friday, 17 September 2021 - 11:32 | Views - 703
නාරාහේන්පිට ලංකා රෝහලේ වැසිකිළිය තුළ තිබූ බෝම්බය සම්බන්ධ සිද්ධියේ, එක් සැකරුවෙක්මේ වෙනවිටත් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර, එම සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු මහව ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශ ඒකකය නිවේදනය කරන්නේ.

up date

නාරාහේන්පිට ලංකා රෝහලේ වැසිකිලියක තිබී සොයාගත් අත්බෝම්බය තමා රැගෙන එනු ලැබුවේ කොළඹ හත - විජේරාම මාවතේ පිහිටි අමාත්‍යවරයෙකුගේ නිල නිවසකින් බවට සැකකරු පාපොච්චාරණය කර තිබෙනවා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කළේ මොහුගේ මෙම ප්‍රකාශය තහවුරු වී නොමැති අතර, ඒ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක බවයි.

සැකකරුගෙන් කරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීම්වල දී ඔහු ප්‍රකාශ කර ඇත්තේ අදාළ ප්‍රභූ නිවසේ අලුත්වැඩියා කටයුත්තක් සඳහා ගිය අවස්ථාවේ දී මෙම අත්බෝම්බය තමා විසින් ලබාගෙන ඇති බවයි.

එමෙන්ම මෙම අත්බෝම්බය රෝහල් වැසිකිලිය තුළ තැබුවේ ඒ සම්බන්ධයෙන් පොලීසියට ඔත්තුවක් ලබා දී කිසියම් ත්‍යාග මුදලක් ලබා ගැනීමේ අරමුණෙන් බවට ද අත්අඩංගුවේ පසු වෙන සැකකරු පාපොච්චාරණය කර තිබුණා.

ත්‍රිකුණාමලය - උප්පුවේලි ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි මෙම තරුණයා සිද්ධිය සම්බන්ධයෙන් අත්අ ඩංගුවට ගෙන තිබුණේ පෙරේදා දිනයේ යි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top