විදුලි සැපයුම අර්බුදයක - බිල්පත් කඩිනමින් ගෙවන්න ඇමති ඉල්ලයි
Friday, 17 September 2021 - 9:07 | Views - 2,657
විදුලි සැපයුම වෙනුවෙන් විදුලිබල මණ්ඩලයට රුපියල් බිලියන 44ක් හිඟ මුදලක් අය විය යුතු ව ඇති බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ ප්‍රකාශ කළා.
කෙසේ වෙතත්, විදුලිය කප්පාදු කිරීමෙන් ජනතාව අපහසුතාවට පත් කිරීමට මේ දක්වා පියවර ගෙන නොමැති බවයි ඊයේ පැවති මාධ්‍ය හමුවක දී ඔහු කියා සිටියේ.
පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ බොහෝ පිරිස් බිල්පත් ගෙවීම පැහැර හැර ඇති අතර, එලෙස බිල්පත් නො ගෙවූවන්ගේ විදුලි කප්පාදුවට මෙතෙක් රජය කටයුතු කර නොමැති බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා.
කෙසේ වෙතත් එය තවදුරටත් සිදු කළ නො හැකි බවට යි අමාත්‍යවරයා අනතුරු අඟවා සිටින්නේ.
Share This Article