පැල මිල දී ගෙන නොමිලේ බෙදාහැරීමට තීරණයක්
Thursday, 16 September 2021 - 10:59 | Views - 11,994
තවාන්කරුවන් වෙතින් පැල මිලදී ගෙන ඒවා ගෙවතු වගාවල රෝපණය සඳහා නොමිලේ බෙදාහැරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
ඒ අනුව රුපියල් මිලියන 10 ක වියදමින් තවාන්කරුවන් වෙතින් පැල මිලදී ගැනීමටයි තීරණය කර ඇත්තේ.
පනවා ඇති සංචරණ සීමා හේතුවෙන් පැල අලෙවි කරගැනීමට නොහැකි තවාන්කරුවන් සඳහා සහන සැපයුම මෙහි අරමුණ වී තිබෙනවා.
ඊට අමතරව තවාන්කරුවන් 300 ක් තෝරාගෙන ඔවුන්ට අවශ්‍ය උපකරණ ලබාදීම සඳහාද රුපියල් මිලියන 50 ක් වැය කර ඇති බවයි පරිසර අමාත්‍යාංශය සඳහන් කළේ.
එසේම දිවයින පුරා පැල තවාන් 650 ක් අලුතින් ආරම්භ කිරීමට කටයුතු කර ඇති අතර, තවාන්කරුවෙකුට ලක්ෂ 3 ක ආධාර මුදලක්ද ලබාදෙනු ඇති.
Share This Article