රෝගවලින් ආරක්ෂා වීමට කදිම විසඳුමක් - වෛද්‍යවරුන් කියයි
Thursday, 16 September 2021 - 9:29 | Views - 1,725
ශාඛමය ආහාර පරිභෝජන රටාව තුළින් බෝවන සහ බෝ නො වෙන රෝගවලින් ආරක්ෂා විය හැකි බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය හැරිස් පතිරගේ පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ, මාංශමය ජීවන රටාව බොහෝ ලෙඩ රෝගවලට හේතු වී ඇති බවයි.
පාරම්පරික දේශීය ශාඛමය ආහාර හා කැඳ වර්ග පරිභෝජනයට ගන්නා දරුවන් අතර ඉහළ ප්‍රතිශක්තිකරණයක් පවතින අතර, ඔවුන් නිධන්ගත රෝගවලට ගොදුරුවීම ද ඉතා අවම බව පර්යේෂණවලින් ද තහවුරු වී ඇති බවයි ළමා රෝග විශේෂඥ වෛද්‍ය හැරිස් පතිරගේ සඳහන් කළේ.
Share This Article