කබ්රාල් මහබැංකු අධිපති ලෙස වැඩ භාරගැනීම අද
Wednesday, 15 September 2021 - 9:26 | Views - 352
ශ්‍රී ලංකා මහ බැංකුවේ 16 වන අධිපතිවරයා ලෙස පත් කෙරුණු අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තා.
 
ප්‍රවීණ වරලත් ගණකාධිකාරීවරයෙකු වන ඒ මහතා මීට පෙර අමාත්‍යාංශ ලේකම්වරයෙකු මෙන්ම වසර 09කට ආසන්න කාලයක් මහ බැංකුවේ අධිපති ධූරය ද හොබවා තිබෙනවා.
 
ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියා.

up date ..

අමාත්‍යාංශ ලේකම්වරයෙකු මෙන්ම වසර 9කට ආසන්න කාලයක් මහබැංකුවේ අධිපති ධුරය ද හෙබ වූ ප්‍රවීණ වරලත් ගණකාධිකාරීවරයෙකු වෙන අජිත් නිවාඩ් කබ්රාල් ශ්‍රී ලංකා මහබැංකුවේ නව අධිපතිවරයා ලෙස අද පෙරවරුවේ වැඩ භාර ගැනීමට නියමිතයි.

ඒ, මෙරට 16 වැනි මහබැංකු අධිපතිවරයා ලෙසයි.

ශ්‍රී ලංකා මහබැංකුවේ නව අධිපතිවරයා ලෙස අජිත් නිවාඩ් කබ්රාල් පසුගිය දා යළි පත් කරනු ලැබුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින්.

අජිත් නිවාඩ් කබ්රාල් මීට පෙර රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ අතර, ඔහු එම ධුරයෙන් ඉල්ලා අස් වූ බවට පසුගිය දා පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත ද දැනුම් දුන්නා.

ඒ අනුව ඔහු ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා ජයන්ත කැටගොඩ නම් කරනු ලැබුවා.

හිටපු මහබැංකු අධිපති ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් ඊයේ සිය ධුරයෙන් විශ්‍රාම ගත් අතර, මහබැංකු කාර්ය මණ්ඩලය හමු වී පෙරේදා ඔහු සමුගෙන තිබුණා.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top