ළමයින්ට එන්නත් දීමේ වයස් සීමාව ගැන, තීරණය අද
Wednesday, 15 September 2021 - 9:03 | Views - 696
එන්නත්කරණයට ලක් කරන ළමයින්ගේ වයස් සීමාවන් සම්බන්ධයෙන් තීරණය කෙරෙන සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතයි.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කළේ පාසල් විවෘත කිරීම කේන්ද්‍ර කර ගනිමින් අදාළ සාකච්ඡාව පැවැත්වෙන බවයි.

මේ අතර, කඩිනමින් පාසල් විවෘත කිරීමේ අවශ්‍යතාව පවතින බව රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ප්‍රකාශ  කළා.

ඒ සඳහා විද්‍යාත්මක ක්‍රමවේදයක් යටතේ පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුව කරුණු සලකා බලා ළමයින් සදහා එන්නත ලබාදීමට කටයුතු කරන බවයි ඇය සදහන් කළේ.

කෙසේ වෙතත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ප්‍රකාශ කළේ එන්නත්කරණය පාසල් විවෘත කිරීමට ප්‍රධානම සාධකය නොවන බවයි.

කෙසේ වෙතත්, කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ප්‍රකාශ කළේ එන්නත්කරණය පාසල් විවෘත කිරීමට ප්‍රධානම සාධකය නොවන බවයි.

මේ අතර, ස්පුට්නික් වී එන්නතේ දෙවන මාත්‍රාව ලබා ගැනීමට නොහැකි වීමෙන් අර්බුදයකට පත්ව ඇති මහනුවර ප්‍රදේශයේ ජනතාවට කඩිනමින් අදාළ එන්නත හෝ එසේ නොමැති නම් වෙනත් එන්නත් වර්ගයක් ලබාදීමට ඇති හැකියාව ගැන සොයා බලා අදාළ කටයුතු සිදුකරන බව ද සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල කියා සිටියා.


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top