ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් 'මිචෙල් බැචලේ' ඉදිරිපත් කළ වාචික වාර්තාව සම්බන්ධයෙන් සාමාජික රටවල විවාදය අද පැවැත්වෙනවා.
මේ වෙනවිට ඉතාලියේ සංචාරයක නිරත මෙරට විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් ද අන්තර්ජාලය ඔස්සේ අද මෙම විවාදයට එක්වීමට නියමිතයි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 48 වැනි සැසිවාරය ඊයේ ජිනිවා නුවර දී ආරම්භ වුණා.
එහි දී සාමාජික රටවල් සම්බන්ධයෙන් සිය වාර්තාව ඉදිරිපත් කරමින් මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැචලේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ද අදහස් දක්වනු ලැබුවා.
රජය විසින් මෑතක දී සම්මත කරන ලද හදිසි නීති රෙගුලාසි සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් කොමිසම දැඩි විමසිල්ලෙන් පසුවෙන බවයි ඇය කියා සිටියේ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 48 වැනි සැසිවාරය ලබන මස 8 වැනි දා දක්වා පැවැත්වෙනවා.