එන්නත ලබාගැනීම මඟින් ලිංගික ශක්තිය හීනවන බවට පැතිර යන කතාවේ ඇත්ත
Tuesday, 14 September 2021 - 9:00 | Views - 729
කොවිඩ් එන්නත ලබාගැනීම මඟින් ලිංගික ශක්තිය හීනවන බවට පැතිර යන අසත්‍ය ප්‍රචාරයක් හේතුවෙන් තරුණ තරුණියන් එන්නත්කරණය සඳහා යොමුවීමේ අඩුවක් වාර්තා වන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.
 
එවැනි තත්ත්වයක් කිසිදු පරීක්ෂණ වාර්තාවකින් මෙතෙක් සනාථ කර නොමැති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ ගෙවුණු දිනයේ කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව 790 දෙනෙකුට සහ එහි දෙවන මාත්‍රාව 451 දෙනෙකුට ලබාදී තිබෙනවා.
 
වසංගත රෝග විද්‍යා අංශයේ දත්තවලට අනුව සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ දිනයේදී පුද්ගලයින් 24,324 දෙනෙකුටත් එහි දෙවන මාත්‍රාව 32,866 දෙනෙකුටත් ලබාදී තිබෙනවා.
 
ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව 12,341 දෙනෙකුට ඊයේ දිනයේ ලබා දී ඇති අතර එහි දෙවන මාත්‍රාව ලබාදී ඇති පුද්ගලයින් ගණන 104ක්.
 
මොඩර්නා එන්නතේ පළමු මාත්‍රාව ඊයේ දිනයේදී කිසිදු පුද්ගලයෙකුට ලබාදී නොමැති අතර එහි පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින් 1,301 දෙනෙකුට එහි දෙවන මාත්‍රාව ලබාදී තිබෙනවා.
 
මේ අතර සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සඳහා පෙනී සිටින සිසුන් සඳහා ඔක්තොම්බර් මුල සිට කොවිඩ් එන්නත ලබාදීමට සැළසුම් කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top