නිවුන් දරුවන් ප්‍රසූත කළ මවක් කොරෝනා බිළිගනී
Monday, 13 September 2021 - 13:50 | Views - 1,477
යාපනය ශික්ෂණ රෝහලේ දී නිවුන් දරුවන් ප්‍රසූත කොට මිය ගිය මවට ද කොරෝනා ආසාදනය වී ඇති බවට පසු ව සිදුකරන ලද පරීක්ෂණවලින් අනාවරණ වී තිබෙනවා.යාපනයේ - ඉනුවිල් ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි මෙම කාන්තාව දරුවන් ප්‍රසූත කිරීමෙන් පසු ව ඇති වූ හුස්ම ගැනීමේ අපහසුතාවක් හේතුවෙන් ඇයට වෛද්‍යවරුන් ප්‍රතිකාර කර ඇති අතර, ඉන් අනතුරුව යි දින දෙකකට පසු ව ඇය ජීවිතක්ෂයට පත් වී ඇත්තේ.
Share This Article