ජනතාව සංචරණ සීමාවලට අවනත නොවන්නේ නම් නැවතත් ආසාදිතයින් ඉහළ යා හැකියි
Monday, 13 September 2021 - 12:49 | Views - 2,314
විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක,
මාධ්‍ය හමුවේ කළ අනාවරණය...

කොරෝනා ව්‍යාප්තිය පාලනය කර ශ්‍රී ලංකාව යහපත් තැනකට ගෙන ඒමට නම් දෛනික ආසාදිතයින් 950ක් දක්වා වත් අඩුවිය යුතු බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසනවා.

ජනතාව සංචරණ සීමාවලට අවනත නොවන්නේ නම් පහල යමින් පවතින කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉදිරියේදී යළිත් ඉහළ යා හැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ උප සභාපති විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක ප්‍රකාශ කළා. ඒ ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මේ අතර වයෝවෘද්ධ සහ අබාධිත කොරෝනා ආසාදිතයින් රැක බලා ගැනීමේ විධිමත් වැඩපිළිවෙලක අවශ්‍යතාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පෙන්වා දෙනවා.

මේ අතර නිදන්ගත රෝග සහිත අවුරුදු 12ට වැඩි දරුවන් එන්නත් කිරීමේ වැඩපිළිවෙල ලබන 21 වැනිදා ආරම්භ වන්නේ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන්.

ඒ යටතේ ලබාදීමට නියමිතව ඇත්තේ ෆයිසර් එන්නතයි.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top