නීතිය විෂය, පාසල් විෂය නිර්දේශයට ඇතුලත් කිරීම සඳහා වෙන තාක්ෂණික කමිටුවේ වාර්තාව සති 2ක් ඇතුළත ඊට අදාළ අනුකාරක සභාව වෙත ලබා දීමට නියමිත යි.
මේ බව පසුගිය දා පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති අධ්‍යාපන අමාත්‍යංශ උපදේශක කාරක සභාවේ දී අනාවරණ වූ බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
නීතිය, වෙන ම විෂයක් ලෙස නොව පුරවැසි අධ්‍යාපනය විෂයේ කොටසක් ලෙස ඇතුලත් කළ යුතු බවට ද එහි දී යෝජනා වී තිබෙනවා.
මෙම උපදේශක කාරක සභාව අධ්‍යාපන අමාත්‍ය සභානායක දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවති අතර, පාසල්වල පවතින විදුහල්පති පුරප්පාඩු පිරවීම සඳහා නිසි ක්‍රමවේදයක් කඩිනමින් සැකසීමේ අවශ්‍යතාව ද මෙහි දී සාකච්ඡාවට ලක් වී තිබෙනවා.