මෙරටට තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 76,000ක්
Monday, 13 September 2021 - 9:12 | Views - 326
ශ්‍රී ලංකාව විසින් මිල දී ගත් ෆයිසර් එන්නත් මාත්‍රා 76,000ක් අද අලුයම දිවයිනට රැගෙන එනු ලැබුවා.

එමෙන්ම ශ්‍රී ලංකාව විසින් මිල දී ගත් ස්පුට්නික් එන්නත් මාත්‍රා එක් ලක්ෂ විසිදහසක් සහ සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 40ක් මෙම සතියේ දී ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත යි.

අද අලුයම 2.15ට කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන එනු ලැබූ ෆයිසර් එන්නත් මාත්‍රා 76,000 කිලෝග්‍රෑම් 445ක් බරැති පෙට්ටි තුළ අසුරා තිබුණා.

නෙදර්ලන්තයේ ඇමැස්ටර්ඩෑම් නුවර සිට පළමුව කටාර් රාජ්‍යයේ දෝහා වෙත ගුවන් මඟින් රැගෙන එනු ලැබූ මෙම එන්නත් තොගය පසුව කටාර් ගුවන් සේවයට අයත් භාණ්ඩ ප්‍රවාහන යානයකින් මෙරටට රැගෙනවිත් තිබෙනවා.

ඊයේ දිනයේ මෙරටින් නව ආසාදිතයින් 2,642ක් හදුනාගැනීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව හාරලක්ෂ 85,922ක් දක්වා ඉහළ ගියා.

නව ආසාදිතයින්ගෙන් 2,641 දෙනෙකු අලුත් අවුරුදු කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වෙන අතර, විදේශයන් හි සිට පැමිණි එක් අයෙකු ද ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනුණා.

ඒ අනුව මෙරට සක්‍රිය ආසාදිතයින් සංඛ්‍යාව  61,814ක් වන අතර, සුවය ලැබූ මුළු සංඛ්‍යාව හාරලක්ෂ 12,812ක්.

එමෙන්ම පෙරේදා සිදු වූ බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ තහවුරු  කරන ලද මරණ 144ක් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 11,296ක් දක්වා ඉහළ ගියා.
 
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top