දින දෙකකින් කබ්රාල් මහ බැංකු අධිපති ධුරයට - හිස්වන මන්ත්‍රී ධූරයට යළි කැටගොඩ (Video)
Saturday, 11 September 2021 - 15:57 | Views - 366

මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් තවත් දින දෙකකින් සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට නියමිතව තිබෙනවා.ඒ අනුව අජිත් නිවාඩ් කබ්රාල් ලබන අඟහරුවාදා දිනය වෙනවිට මහ බැංකු අධිපතිවරයා ලෙස දිවුරුම් දීම සිදුවෙනු ඇති.එළැඹෙන සඳුඳා රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත යොමු කිරීමට නියමිත යි.නව මහ බැංකු අධිපතිවරයා ලෙස අජිත් නිවාඩ් කබ්රාල් යළි පත් කිරීමෙන් පසු එම තනතුරේ බලතල වැඩි කිරීම සම්බන්ධයෙන් ද රජයේ අවධානය යොමු ව ඇති බව වාර්තා වෙනවා.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණි හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පසු ව මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොළ සහ ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා.මේ අතර, අජිත් නිවාඩ් කබ්රාල් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා ජයන්ත කැටගොඩ හිටපු මන්ත්‍රීවරයා පත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අවධානය යොමු වී තිබෙනවා.බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම්දීමට ඉඩකඩ සලසමින් පසුගිය දා ජයන්ත කැටගොඩ සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වුණා.
Share This Article