මසකින් වාර්තා වූ අඩු ම කොරෝනා මරණ ඊයේ
Saturday, 11 September 2021 - 10:03 | Views - 214
නව කොරෝනා ආසාදිතයින් 2,842 දෙනෙකු ඊයේ හමුවීමත් සමඟ මෙරට මුළු ආසාදිතයින් සංඛ්‍යාව 480,478 දක්වා ඉහළ ගියා.

පසුගිය 09 වැනි දා සිදු වූ තවත් කොරෝනා ආසාදිත මරණ 131ක් ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ තහවුරු කළා.

ඊට පිරිමි පුද්ගලයින් 73ක් සහ කාන්තාවන් 58ක් ඇතුළත්.

මියගිය පිරිස අතර, 110 දෙනෙක් අවුරුදු 60ට වැඩි පුද්ගලයින් වන අතර, ඊට පිරිමි පුද්ගලයින් 64ක් ඇතුළත්.

අවුරුදු 30ත් 59ත් අතර පුද්ගලයින් 20 දෙනෙක් ජීවිතක්ෂයට පත් ව ඇති අතර, එහි කාන්තාවන් 12 දෙනෙක් සිටින බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

අවුරුදු 30ට අඩු එක් පුද්ගලයෙක් කොරෝනා ආසාදනය වීමෙන් මියගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 10,995ක් ලෙසින්.

කෙසේ, වෙතත් ඊයේ තහවුරු කෙරුණු මරණ, 131 මාසයක කාලයකින් පසු වාර්තා වූ අවම මරණ සංඛ්‍යාව යි.

ගත වූ මසක කාලය තුළ වැඩිම කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව සටහන් වූයේ අගෝස්තු 29 වනදා යි.

එම සංඛ්‍යාව 216ක්.

මේ අතර,  පුත්තලම - වෙප්පමඩුව ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි මවක් සහ 37 හැවිරිදි දියණියක කොවිඩ් අසාදිත ව පසුගිය 06 වැනි දා ජීවිතක්ෂයට පත් වූ අතර, එම පවුලේ ගෘහ මූලිකයා ද පසුගිය 04 වැනි දා නිවසේ දී ජීවිතක්ෂයට පත් ව තිබුණා.

කෙසේ වෙතත්, ඔහුගේ දේහය සාමාන්‍ය පරිදි භූමදානය කර තිබූ අතර, ඊයේ එම දේහය අධිකරණ නියෝගයකට අනුව යළි ගොඩගනු ලැබුවේ ඔහු ද කොවිඩ් අසාදිත ව මිය ගියේදැ යි මතු වූ සැකය මතයි.

පුත්තලම මූලික රෝහලේ දී දේහය සම්බන්ධයෙන් සිදු කළ කොවිඩ් පරීක්ෂණයෙන් හෙළි වී ඇත්තේ, ඔහුට ද කොවිඩ් ආසාදනය වී ඇති බවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top