21 වැනි සියවසේ ලෝක දේශපාලනය මෙන්ම ත්‍රස්තවාදය පිළිබඳ නිර්වචනය වෙනස් කළ සැප්තැම්බර් 11 ප්‍රහාරයට අදට විසි වසරක් සපිරෙනවා.
ඒ නිමිත්තෙන් විශේෂ පණිවුඩයක් නිකුත් කරමින් ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සියලු අමෙරිකානුවන්ගෙන් එක්සත්කම පිළිඹිඹු කරන ලෙස ඉල්ලීමක් කළා.
එය අමෙරිකානුවන්ගේ ශක්තිය වනු ඇති බවයි ධවල මන්දිරයේ සිට නිකුත් කළ එම ප්‍රකාශයේ දැක්වෙන්නේ.
ජනපති බයිඩ්න් සහ ජිල් බයිඩ්න් ආර්යාව සැප්තැම්බර් 11 ප්‍රහාරයේ අනුස්මරණයන් සිදු කෙරෙන නිව්යෝක්, පෙන්ටගනය සහ පෙන්සිල්වේනියාවේ සංචාරය කරනු ඇති.
කෙසේ නමුත්, ඇෆ්ගනිස්ථානයෙන් කඩිනමින් හමුදා ඉවත් කර ගැනීම පිළිබඳව විවේචනයට ලක්වීම හේතුවෙන් ඔහු එහි දී අදහස් දැක්වීමක් සිදු නො කරනු ඇතැ යි සඳහන්.
එසේ ම සැප්තැම්බර් 11 ප්‍රහාරයේ 20 වැනි සංවත්සරයට ලක් රජයෙනුත් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එහි දැක්වෙන්නේ, මෑතකාලීන ඉතිහාසයේ ඉතා වේදනාකාරී සිදුවීමක් සිහිපත් කෙරෙන මෙම අවස්ථාවේ ලක් රජය ඇමරිකා එක්සත් ජනපදයේ ජනතාව සහ රජය වෙත සහයෝගය පළ කරන බවයි.
එම බිහිසුණු ප්‍රහාරවලින් විපතට පත් වූවන් සහ දිවි ගලවාගත් අය වෙත ශ්‍රී ලංකාව උපහාර දක්වන බව ද එහි සඳහන්.
දීර්ඝ කාලයක් තිස්සේ පැවති ත්‍රස්තවාදී අභියෝගය සාර්ථක ව ජයගත් රටක් ලෙස ශ්‍රී ලංකාව සෑම ආකාරයක ම ත්‍රස්තවාදය තුරන් කිරීම සඳහා සියලු රටවල් එක්විය යුතු බව අවධාරණය කරන්නේ යැ යි විදේශ අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා.