මෙරට කොරෝනා ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළ ව පූර්ණ එන්නත්කරණය ලැබූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව මේ වනවිට කෝටිය ඉක්මවා තිබෙනවා.
ඒ අනුව කොරෝනා එන්නත් දෙක ම ලබාගත් පුද්ගලයින්ගේ සංඛ්‍යාව එක්කෝටි දෙලක්ෂ 11,537ක්.
ඊයේ දිනයේ දී පුද්ගලයින් තුන්ලක්ෂ 52,008 දෙනෙකුට කොරෝනා එන්නත් ලබා දී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කළේ.
ඒ අනුව සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව පුද්ගලයින් දෙලක්ෂ 1,834 දෙනෙකුට ලබා දී ඇති අතර, එහි පළමු මාත්‍රාව ලබාදුන් පුද්ගලයින් සංඛ්‍යාව එක්ලක්ෂ 11,870ක්.
ඊට අමතර ව මොඩර්නා එන්නතේ දෙවන මාත්‍රාව පුද්ගලයින් 13,040 දෙනෙකුට සහ කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව පුද්ගලයින් 669 දෙනෙකුට ලබා දී තිබෙනවා.