අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිය ඉතාලියේ සංචාරයක් සඳහා අද (10) අලුයම දිවයිනෙන් පිටත්ව ගියා.
ඒ, එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ. 649 දරන ගුවන් යානයෙන්. අග්‍රාමාත්‍යවරයා ඇතුළු 17 දෙනෙකුගෙන් යුත් දූත පිරිස මුලින්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වෙත ගොස් එතැන් සිට වෙනත් ගුවන් යානයකින් ඉතාලිය වෙත ගමන් කිරීමටයි නියමිතව ඇත්තේ.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මෙලෙස ඉතාලියේ සංචාරයක නිරත වන්නේ එරට සුප්‍රකට බොලොඤ්ඤා විශ්වවිද්‍යාලයේ පැවැත්වෙන ජාත්‍යන්තර සමුළුවකට එක්වීම සඳහායි.