රට යළි විවෘත කිරීම ගැන තීරණය අද
Friday, 10 September 2021 - 9:06 | Views - 3,545
ළමා රෝග විශේෂඥයන්ගෙන් දරුවන්ට එන්නත් ලබාදීමේ සැලසුම්.

දිවයින පුරා දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරිනිතීය ඉවත් කර රට යළි විවෘත කරන්නේ ද නැද් ද යන්න පිළිබඳ තීරණය අද ප්‍රකාශයට පත් කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ප්‍රකාශ කළා.

කොළඹ ඊයේ පැවැති මාධ්‍ය හමුවක දී ඔහු වැඩිදුරටත් කියා සිටියේ රට යළි විවෘත කළ ද එය සීිමාවන්ට යටත් ව සිදු වෙන බවයි.

එසේම, හම්බන්තොටට ෆයිසර් එන්නත ලබාදීම රජයේ තීරණයක් බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා එහි දී ප්‍රකාශ කළා.

මේ අතර, ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යාතනය දරුවන් සඳහා එන්නත් ලබාදීමේ සැලසුම සෞඛ්‍ය අමාත්‍යංශය වෙත යොමු කර තිබෙනවා.

ඒ අනුව එහි පළමු පියවර ලෙස ඔවුන් දක්වා ඇත්තේ සැප්තැම්බර් මාසය තුළ දී අවුරුදු 12ට වැඩි විවිධ සංකූලතා ඇති දරුවන්ට ෆයිසර් එන්නත ලබා දීමයි.

එවැනි දරුවන් 30,000කට ආසන්න සංඛ්‍යාවක් සිටින බවත් එම සංගමය පෙන්වා දෙනවා.

අදාළ සැලසුමේ දෙවැනි පියවර වන්නේ ඔක්තෝබර් මාසය ආරම්භයේ දී සාමාන්‍ය පෙළ හදාරන 646,000ක් සහ උසස් පෙළ හදාරන 421,000ක් වූ දරුවන් සඳහා ෆයිසර් එන්නත ලබා දීමයි.

එම සැලසුමට අනුව ඔක්තෝබර් මාසය අග දී අවුරුදු 12ට වැඩි සෙසු දරුවන් සඳහා එන්නත් කිරීම සිදුවෙනවා.

මෙම යෝජනා මාලාව පිළිබඳව අද පැවැත්වෙන කොවිඩ් මර්දන කාර්ය සාධක බලකායේ දී පුළුල් ලෙස සාකච්ඡාවට නියමිත බවයි වාර්තා වෙන්නේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top