කොරෝනා නිසා බලපෑමට ලක්වූ ව්‍යාපාර සහ පුද්ගලයින්ට ලබාදුන් සහන දීර්ඝ කෙරේ
Thursday, 09 September 2021 - 18:46 | Views - 1,030

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් ණය ගනුදෙනුකරුවන් මුහුණදී සිටින දුෂ්කරතා සැලකිල්ලට ගෙන මින් පෙර ලබාදී තිබූ ණය සහනය දෙසැම්බර් මස 31 වැනිදා දක්වා දීර්ඝ කිරීමට සලකා බලන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු සහ විශේෂිත බැංකු වෙත දැනුම්දී තිබෙනවා.බලපෑමට පත් ණය ගනුදෙනුකරුවන් හට 2022 ජනවාරි මස සිට සිය ණය ගෙවීම් ක්‍රමානුකූලව සිදුකරගෙන යෑම සඳහා අවශ්‍ය කටයුතු සකස්කර ගැනීමට මෙම නව ණය සහන කාලය උපකාරී වනු ඇතැයි අපේක්ෂා කෙරනවා.එමෙන්ම, පවත්නා තත්ත්වය යටතේ තම සාමාන්‍ය ව්‍යාපාර කටයුතු කරගෙන යාම සඳහා දිගින් දිගටම එල්ල වන බාධා හමුවේ අත්‍යාවශ්‍ය මෙහෙයුම් වියදම් දරමින් සිය තැන්පතුකරුවන්ගේ පොලී මුදල් හා තැන්පතු මුදල් නිසි කලට වේලාවට ගෙවීමේ වගකීම බලපත්‍රලාභී බැංකු විසින් නොපිරිහෙලා ඉටුකරන බව අවධාරණය කළ යුතු වනවා.මෙම කරුණු සැලකිල්ලට ගනිමින්, ණය සහන ලබා ගැනීමට සුදුසුකම් සපුරා ඇති නමුත්, ණය ආපසු ගෙවීමට හැකියාව පවතින ණය ගනුදෙනුකරුවන්ට තම පහසුකම් කල් දැමීම හෝ ප්‍රතිව්‍යුහගත කිරීමක් ඉල්ලා සිටීම වෙනුවට ණය ආපසු ගෙවීමට කටයුතු කරන මෙන් ශ්‍රී ලංකා මහ බැංකුව ඉල්ලා සිටිනවා.තවද, බලපෑමට ලක් වූ ණය ගනුදෙනුකරුවන්ගේ ආපසු ගෙවීමේ ධාරිතාව ගැන සැලකිලිමත් වෙමින් ඔවුන්ගේ එදිනෙදා කටයුතුවලට අනිසි පීඩනයක් ඇති නොවන ආකාරයට එම ණය පහසුකම් ආපසුගෙවීම සදහා නව සැලසුම් සැකසීමට බලපත්‍රලාභී බැංකු හා සාධාරණ එකඟතාවයකට පැමිණෙනු ඇතැයි ද අපේක්ෂා කෙරෙනවා.
Share This Article